නවතම පුවත්

අප්‍රේල් මාසයේ ලොව පුරා ගුවන් ගමන් බිඳවැටෙන ලකුණු

අසංක

අසංක

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලොව පුරා මගී ප්‍රවාහන ගුවන්සේවාවන් ලබන අප්‍රේල් මාසය තුල සම්පූර්ණයෙන්ම අක්‍රිය වීමට ඉඩ ඇති බව ගුවන් සමාගම් අනතුරු අඟවා සිටී.

මේ වනවිටත් ලොව ප්‍රධාන පෙලේ ගුවන් සමාගම් රැසක්ම අප්‍රේල් මාසයේ තම ගුවන් ගමන් වාර සියල්ලම පාහේ අත්හිටුවා ඇති අතර , විවිධ රටවල් විසින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති සංචාරක තහනම් නියෝග හේතුවෙන් මෙම තත්වය තවදුරටත් බරපතල වනු ඇති බවද එම සමාගම් පවසති .

ලෝක ප්‍රසිද්ධ කැති පැසිෆික් ගුවන් සේවයද මේ වනවිට අප්‍රේල් මාසයේ තම ගුවන් වාර සියයට 96ක්ම අවලංගු කර ඇත. ඒ පිළිබඳව අදහස් දක්වමින් එහි ප්‍රධානීන් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ , විවධ රටාව රාජ්‍යයන් තවදුරටත් ගුවන් ගමන් තහනම් කිරීමට කටයුතු කළහොත් ඉදිරි මස තුල තම මෙහෙයුම් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවනු ඇති බවයි.

සියලු ගුවන් සේවාවන් , ටිකට් පත් අලෙවිය මත රැදී පවතින බවත් , ඉදිරි කාලය සඳහා ටිකට් පත් වෙන් කිරීම අවම වුවහොත් , ගුවන් සේවා ආයතනවලට ඉදිරි මෙහෙයුම් සැලසුම් කිරීම අපහසු වන බවත් බ්‍රිට්ෂ් එයාර් වේස් (British Airways ) ගුවන් සමාගමේ ප්‍රධාන විධායක විලී වොල්ෂ් මහතා සඳහන් කර ඇත.

දැනටමත් තම ගුවන් සේවයේ ගුවන් ගමන් වාරයන්ගෙන් ‘හතරෙන් තුනක’ පමණ ප්‍රමාණයක් අවලංගු කර ඇති බවද ඔහු මෙහිදී අනාවරණය කර ඇත. කෙසේ වෙතත් තවදුරටත් තම ගුවන් සේවය රක ගැනීම සඳහා රජය සමග එක්ව විවිධ සැලසුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරමින් සිටින බවද වොල්ෂ් මහතා මෙහිදී සඳහන් කර ඇත.

මේ වනවිට මේ අඩාල වී ඇති ගුවන් සමාගම් රැසක් , තම සේවා ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා අදාළ රාජ්‍යයන්ගෙන් සහන හා ආධාර ඉල්ලමින් සිටින අතර , විශේෂයෙන්ම රාජ්‍ය ණය මුදල් ලබාගැනීම සඳහාද මෙම ගුවන් සමාගම් රැසක් ඉල්ලුම් කර ඇත. මීට මතරව විවිධ බදු සහන සඳහාද මෙම සමාගම් රැසක් ඉල්ලීම් කර ඇත.

යුරෝපයේ ගුවන් සමාගම් රැසක්ද මේ වනවිට , මෙසේ ණය ආධාර ලබාදෙන ලෙස යුරෝපා සංගමයෙන් හා තම රාජ්‍යයන්ගෙන් ඉල්ලීම් කර ඇත . ඒ අතර භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සමාගම්ද වීම විශේෂත්වයකි .


ඒ අනුව ඉදිරියේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගම්වලටද මෙවැනිම අර්බුදකාරී තත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවට අනාවැකි පළවේ.

මේ තත්වය පාලනය කිරීම සඳහා රාජ්‍යයන් විසින් විශිමත් හා සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් කල යුතුව ඇති බවත් එම කවුන්සිලය සඳහන් කර ඇත. කෙසේ වෙතත් එවැනි වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වුවද පවතින මෙම කොරෝන ව්‍යයසනයේ යම් අඩුවීමක් සිදුවිය යුතුව ඇති බවද කවුන්සිලය මෙහිදී සිහිපත් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්