නවතම පුවත්

ඉතාලියේ 627ක් ඉකුත් පැය 24ට කොරොනා මාරයාට බිලිවෙති

අසංක

අසංක

සිකුරාදා දිනයේ පමණක් ඉතාලියේ නව කොරෝනා මරණ 627 වාර්තා වී ඇති බව ඇනඩොලු (AA) පුවත් එජන්සිය වාර්තා කරයි.


ඒ අනුව ඉතාලියේ කොරොනා වෛරසයෙන් මිය ගිය ගණන 4032 දක්වා ඉහළ ගොස් ඇත. දිනක් තුළ ඉතාලියේ මෙම වෛරසයෙන් මිය ගිය වැඩිම සංඛ්‍යාවද 627 ලෙස වාර්තාගත වී තිබේ.


ඉතාලියේ සිවිල් ආරක්ෂණ දෙපාර්තමේන්තුව සපයන ලද නවතම සංඛ්‍යාලේඛන වලට අනුව රටේ මුළු රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව වර්ධනය වන අතර බ්‍රහස්පතින්දා සිට එය සියයට 14% කින් ඉහළ ගොස් ඇත.


මෙම තත්ත්වය මත ජනතාව තම නිවෙස්වලින් පිටවීම වැළැක්වීම සඳහා ඉතාලි රජය වඩා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටීන බව එම පුවත් සේවය සදහන් කර ඇත.


පොලිස් මුර සංචාර සහ හමුදාව ද නිවැස්වලින් ජනතාව පිටවීම වැළැක්වීම සදහා විශාල මුර සංචාර ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබේ.


පසුගිය දෙසැම්බරයේ චීනයේ වුහාන් හි ආරම්භ වූ COVID-19 අවම වශයෙන් රටවල් 163 කට ව්‍යාප්ත වී ඇත. මේවනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ව්‍යවසනය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි