නවතම පුවත්

අපි නීති විරෝධීව සීනි ගබඩා කර නැහැ – ග්ලෝබල් පාර්ක් ආයතනය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ග්ලෝබල් පාර්ක් ආයතනය වසර 1999 සිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිතව ආනයන සහ අපනයන ක්ෂේත්‍රය සඳහා ගබඩා පහසුකම් ඇතුළුව අගය එකතු කිරීමේ සේවාවක් ලබාදෙන ආයතනයකි.

පුරා වසර 22 ක පමණ කාලයක් මෙම ක්ෂේත්‍රයේ විශාල සේවාවක් සලසමින් රටට අත්‍යාවශ්‍යවී ඇති විදේශ විනිමය සහ දහසකට අධික උගත් තරුණ තරුණියන් හට රැකියා අවස්ථා ලබාදී ඇති ආයතනයකි.

මේ අනුව විටින් විට අප ආයතනයේ ඉලක්ක  කරගෙන සමාජ මාධ්‍ය මගින් නොයෙකුත් ආකාරයේ  වැරදි ප්‍රතිරෑපයන් නිර්මානය කරමින් අසත්‍ය ප්‍රචාරයක් සිදුකොට ඇත.

පසුගිය අගෝස්තු මස 30දින පාරිභෝගික කටයුතු අධිකාරිය  විසින් අප ආයතනය සතු ගුදම් පරික්ෂා කරන ලද අතර සමාජ මාධ්‍ය විසින් අප ආයතනය තුළ සීනි සඟවා ඇති බවට ප්‍රකාශ නිකුත් කරඇත.  මෙය සාවද්‍ය ප්‍රකාශයකි.  මෙම පරික්ෂාවේදී අප ආයතනය විසින් කිසිදු නීතිවිරෝධි ලෙස සීනි හෝ වෙනත් කිසිදු භාණ්ඩ තොග ගබඩා කර නොමැති බවට 2021 සැප්තැම්බර් මස 01 වන දින  පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය විසින් තහවුරු කරන ලදී.  ඒ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට අපගේ ස්තූතිය ඵලකරන අතර මෙම සාවද්‍ය ප්‍රචාරයන් සම්බන්ධව පහත ප්‍රකාශය කිරීමටද කැමැත්තෙි.අප ආයතනයේ ගුදම් තුළ ගබඩා කරන සියළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා 11/06/2021 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි සිය අත්‍යාවශ්‍ය භාණ්ඩ පිළිබඳව පෙර ලියාපදිංචියක් අප විසින් සිදු කොට ඇත.

විශේෂයෙන් අප ගුදම් තුළ ඇති භාණ්ඩ, පවතින වර්තමාන වසංගත තත්ත්වය හමුවේ නිෂ්පාදන කර්මාන්ත ශාලා, ඉදිරියේදී කිසිදු අඩපණ වීමක් නොමැතිව තම නිෂ්පාදන කටයුතු  -කරගෙන යෑම සඳහා  අවශ්‍යය අමු ද්‍රව්‍ය රැස්කර ගබඩා කර තබා ගැනීම සාමාන්‍ය ක්‍රියාවලියකි. එසේ නොමැතිනම් එම නිෂ්පාදන ආයතනවල සේවකයන් සඳහා රැකියා අවස්ථා අහිමිවීම සහ එම නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණවීමද සිදුවිය හැකි බැවින් තම නිෂ්පාදන වලට අවශ්‍ය අමු ද්‍රව්‍ය හැකි පමණ රැස්කර තබා ගැනීම එක් එක් ආයතනය මගින් තම ඉදිරි ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙ යෑම සඳහා කරන ක්‍රියා මාර්ගයකි. යම් තොරතුරක් ලැබුන සැනින් ඒ් ගැන හරි හැටි සොයා නොබලා සමාජ මාධ්‍ය මගින් අප ආයතනයේ කීර්ති නාමය හානිවන අයුරින් කටයුතු කල ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් කණගාටුවෙන්  යුතුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

තවද අප ආයතනය තුළ  නීති විරෝධී ක්‍රියාකාරකමක් කිසිදු අවස්ථාවක සිදු නොකරන ලද  බවත් අවශ්‍ය සැමවිටම අදාළ ආයතන වලින් අනුමැතීන් ලබාගෙන හා  රාජ්‍ය ආයතනවලට අදාල නීතී හා රෙගුලාසි වලට අනුකූලව කටයුතු කර ඇති බවත්  වගකීමෙන් යුතුව  ප්‍රකාශ කරමු. මෙසේ සාවද්‍ය ප්‍රචාර සිදුකරමින් සහ අසත්‍ය ප්‍රචාර  සමාජ මාධ්‍ය ඔස්සේ ඵලකරීම තුලින් අප ආයතනයේ කීර්ති නාමයට ඉතාමත් බරපතල හානියක් සිදුව ඇති බැවින් එසේ කර ඇති සියළු  සමාජ මාධ්‍ය ප්‍රකාශයන් සඳහා මින්ඉදිරියේදී නීතිමය ලෙස කටයුතු කිරීමට සලසන මෙන් අප ආයතනයේ නීතිඥවරුන්ට මේ වනවිටත් දැනම්දී ඇත. ඒ් අනුව මෙයින් දැනුම්දී සිටින්නේ අප ආයතනය කිසිදු අයුරකින් අනවසර සීනි හෝ වෙනත් නීතියට පටහැනි භාණ්ඩ ගබඩා කිරීමක් නොකර ඇති බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා