නවතම පුවත්

‘අපේ ආණ්ඩුවකදී අංක 1ට කරන්නේ පලිගැනීමට ලක්වූ අයට සහන දීමයි’- විපක්ෂ නායක

අසංක

අසංක

සත්‍යජිත් ලියනගේ 

තමන් බිහි කරන ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය වන්නේ මේ ආණ්ඩුව යටතේ පලිගැනීමට ලක් වූ සියලු දෙනාට සහන ලබා දීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

ජනාධිපතිවරණයේදී සහයෝගය පල කළ ජතතාවට ස්තූති කිරීමේ රැස්වීම් මාලාවේ මාතලේ ලග්ගල හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.
‘මේ ආණ්ඩුව කීවේ මේ රට සෞභාග්‍යයේ පරාදීසය කරනවා කියලා. නමුත් බලන්න බෙහෙත් පෙත්තේ ඉදලා සියල්ල අහස උසට ගිහින්. ජනතාව හාමතේ. අකාර්‍යක්ෂමතාවයෙන් ආණ්ඩුව නොහැකියාව පෙන්නලා ඉවරයි.

අද හැම තැනම දේශපාලන පලිගැනීම් .විසිහතර පැයම පලිගන්නවා. උසස් වීම් කප්පාදු කරලා.රැකියා අහිමි කරලා.දරු පවුල් ඈත් කරලා. සෞභාග්‍ය වෙනුවට දේශපාලන භීතිය වපුරලා.

අනාගතයේ අපි හදන ආණ්ඩුවේ මුලින්ම කරන්නේ මේ පලිගත්ත ජනතාවට සහන සලසන්නයි.

ජනතාව ඉල්ලන,ජනතාව බලාපොරොත්තු වන දර්ශනයක් ඔස්සේ පෙරට යන්න ඕන.

 නව මුනුහුණුවරකින්,අලුත් දැක්මකින් අපි අපේ ගමන ක්‍රියාත්මක කරනවා.කිසිම වෙලාවක අපි අපේ පාක්ෂිකයින් හෝ සාමාජිකයින් පාවා දෙන්නේ නෑ. තනතුරු නිසා කැඩෙන්නෙ හෝ වෙන් වන්නේ නෑ.පුළුල් සංධානයකින් අපි පෙරට එනවා.’

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්