නවතම පුවත්

ලංකාව දැන් සුරක්ෂිතයි – ප්‍රංශය කියයි

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුල මේ වනවිට වඩාත් සුරක්ෂිත වාතාවරණයක් පවතින බවත් ඒ අනුව දෙරට අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවරයන් කඩිනමින් දියත් කරන බවත් මෙරට ප්‍රංශ තානාපති එරික් ලවර්ටු මහතා අවධාරණය කර සිටී.

මේ සඳහා දෙරටෙහිම පුද්ගලික අංශයට අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද ඒ මහතා thecolomboexpress.com වෙබ් අඩවියට පැවසීය .

සීගිරිය අවුඩන්ගාව ප්‍රදේශයේ ඉදිකෙරුණු නවතම ඉංග්‍රීසි භාෂා හා පරිඝනක පුහුණු මධ්‍යස්ථානය විවෘතකිරීමේ අවස්ථාවට එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළේය .

ප්‍රංශයේ ප්‍රධානතම සංචාරක නියෝජිතායතනයක් වන සැලෝන් හොලිඩේස් ආයතනය හා මෙරට ප්‍රධාන සංචාරක නියෝජිතායතනයක් වන කොනෙයිසන්ස් ඩි සිලෝන් ආයතනය එක්ව මෙම මධ්‍යස්ථානය ඉදිකර ඇත.

ප්‍රංශයේ සහ බෙල්ජියමේ ප්‍රධාන මාධ්‍ය ආයතන 20 ක් නියෝජනය කරමින් මාධ්‍යවේදීන් 20කට අධික පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක්ද මෙම අවස්තාවට එක්වූ අතර සැලෝන් හොලිඩේස් ආයතනය හා කොනෙයිසන්ස් ඩි සිලෝන් ආයතනය මෙම ප්‍රංශ මාධ්‍යවේදීන්ගේ ශ්‍රී ලංකා සංචාරයද සංවිධානය කර තිබිණ.

කොනෙයිසන්ස් ඩි සිලෝන් ආයතනයේ සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ තම ආයතනයේ සුභසාධන වැඩසටහනක් ලෙස මෙම පරිඝනක හා ඉංග්‍රීසි භාෂා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි .

අවුදන්ගාවේ පිහිටුවන ලද්දේ මෙම වැඩසටහන් මාලාවේ සිව්වැනි මධ්‍යස්ථානය වන බවත් , මෙම මධ්‍යස්ථානවල ඉගැන්වීම් සිදුකරන ගුරුවර ගුරුවරියන්ටද වැටුප් ගෙවීම තම ආයතනය මගින්ම සිදුකෙරෙන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය .

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙත අතිමහත් ප්‍රවර්ධනයක් අරමුණු කර ගනිමින් ප්‍රංශ මාධ්‍යවේදීන්ගේ ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කල බවද වික්‍රමසිංහ මහතා පැවසීය .
ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් පිරිසක් පැමිණි මූලාශ්‍රයක් වූ ප්‍රංශයෙන්, ඉදිරියේ දී මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වර්ධනය කර ගැනීමද මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණක් වූ බව වික්‍රමසිංහ මහතා පැවසීය ..
ප්‍රංශයේ ප්‍රමුඛතම සංචාරක සේවා මෙහෙයුම් සමාගමක් වන Salaun Holidays හි හිමිකරු සහ සභාපති Michel Salaun මහතා ද මෙම සංචාරයට එක්ව සිටීම විශේෂත්වයකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්