නවතම පුවත්

“අපේ ක්‍රමය පලිගැනීම නොවෙයි රටට වැඩ කිරීමයි” – අගමැති

අසංක

අසංක

“අපේ ක්‍රමය පලිගැනීම නොවෙයි රටට වැඩ කිරීම. 2030 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය මත සැපයීම අරමුණ” බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙරට රජයට අයත් පළමු සහ දැවැන්තම සුළං විදුලි බලාගාරය උද්‍යානය වන මන්නාරම තම්බපවනි බලාගාරය ජනතා අයිතියට පත් කරමින් අගමැතිවරයා වැඩිදුරටත් මේ බව සඳහන් කළේය.

“දේශපාලනඥයෙකුට පමණක් නොවේ ඕනෑම මනුෂ්‍යයෙකුට මනුෂ්‍යයකුට ජීවිතයේ තිබෙන ලොකුම සතුටක් තමයි යමක් පටන් ගෙන එය අවසන් කිරීමට හැකිවීම. 2013 පටන් ගත්ත මේ ව්‍යාපෘතියේ අවසන් කර ජනතාවට පත් කිරීම පත්කිරීමට හැකිවීම ගැන මම අතිශය සතුටට පත්වෙනවා.

2008 වසරේදී මම රටේ ජනාධිපතිවරයා විදිහට මෙහාට මඩු මංගල්‍යය සඳහා සහභාගිවෙන්න එන්න හැදුවම මට කිව්වා ප්‍රභාකරන්ගෙන් අවසර ගන්න ඕන කියලා. රටේ ඕනෑ කෙනෙකුට එන්න පුළුවන් නිදහස ඇති කරලා තමයි මම මඩු පල්ලියට එන්නෙ කියලා මම කිව්වා. අපි නිදහස ඇති කළා.

කිසිදා විදුලිය නොදුටු දුෂ්කර ගම්මානවලට විදුලිය ලබාදෙමින් සංවර්ධනය ඇතිකරන්න අපිට පුළුවන් වුණා. එදා බෙලිඅත්ත යාමයේ මිහිඟුව කියන ගමට විදුලිය දෙන්න හැදුවම විපක්ෂය මගෙන් ඇහුවා ‘විදුලිය මිනිස්සුන්ට කන්න ද?’ කියලා. මම කිව්වා ඔව් විදුලිය මිනිස්සුන්ට කන්න දෙන්න තමයි කියලා. මගෙන් ඇහුවා ඒ කොහොමද කියලා. මම කිව්වා මේ විදුලිය මේ ගමට ආවම කර්මාන්ත ඇති වේවි ඒ කර්මාන්ත ඇතුලේ මිනිස්සුන්ට කන්න දේවල් ටික ලැබේවි කියලා.

අපේ අරමුණ වෙන්නේ අධික වියදමක් දරන තාප විදුලි ක්‍රමය අඩු කරලා පුනර්ජනනීය බලශක්ති වෙත යන්න. හොඳ දේ හොඳ විදියට දකින්නත් වැරැද්ද ඒ වැරැදි විදියට දකින්න බැරි නිසා ඔවුන් කලේ අපෙන් පලිගන්න එක. ලෝකයම පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරනවා. නමුත් සෑම රටක්ම රටක් ම ස්වාභාවික ප්‍රභවයන්ගෙන් විදුලිය ලබා ගැනීමට තරම් වාසනාවන්ත නෑ. සුළං බලයෙන් පමණක් නොව සූර්ය බලයෙන් පවා අපට විදුලිබලය නිපදවා ගත හැකි වාසනාව අපට තිබෙනවා. මන්නාරම මෙම සුළං විදුලි බලාගාර උද්‍යානය විදුලිබල මණ්ඩලයට අයත් පළමු සුළං විදුලි බලාගාර උද්‍යානය ලෙස ක්‍රියාත්මක වනවා. අද මේ මොහොතේ පටන් විදුලි ඒකක එකසිය 103 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වෙනවා.තවත් මාස කීපයකින් මෙම බලාගාරයේ අපේක්ෂිත උත්පාදනය ඉලක්කය සපුරන විට විදුලි පිරිවැය හැකියාව ලැබෙනවා.

මන්නාරම කියන්නේ නිරිතදිග වගේම ඊසානදිග හොඳට සුළං ලැබෙන ප්‍රදේශයක්. ඒකයි මෙහි මෙම සුළං විදුලි බලාගාර උද්‍යානය ඉදිකළේ.”

සබැඳි පුවත්

මෙරට පළමු රජයේ සුළං බලාගාරය අගමැති අතින් ජනතා අයිතියට

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්