නවතම පුවත්

අභ්‍යන්තර ගුවන්තොටුපල තුනක් අලුතින් ඉදිකිරීමට සැලසුම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දේශීය හා විදේශීය සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා නුවරඑළිය, දිගන හා බණ්ඩාරවෙල නව අභ්‍යන්තර ගුවන් තොටුපළ තුනක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කර ඇති බව  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එසේම  සංචාරක කලාප පහක පිහිටි සීගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය හා හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රමුඛතා පදනම යටතේ වැඩි දියුණු කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ද සංචාරක අමාත්‍යවරයා මාධ්‍ය වෙත  කීවේය.

නව ගුවන් තොටුපල ඉදිර්කිරීමට සුදුසු  ස්ථාන සොයාබැලීමට හා එම ස්ථානවලට  පීළිබද ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

මේ වන විට මෙරට අභ්‍යන්තර ගුවන් පථ 10 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාලනය යටතේ පවතින අතර සීගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය, හිගුරක්ගොඩ, කටුකුරුන්ද, ත්‍රීකුණාමලය, වවුනියාව, වීරවිල, පුත්තලම එම ගුවන්තොටුපළවල බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කර ඇත .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්