නවතම පුවත්

ඉන්දියාවේ, ඇසළ පොහොය දින සැමරුම්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ දිනය වන ඇසළ පුන් පොහොය දිනය (ඉන්දියාවේ දී අශද පූර්ණිමා ලෙස හැඳින්වේ) සැමරීම සඳහා වන වාර්ෂික වැඩසටහන 2021 ජූලි 24 වන දින ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය විසින් ඉන්දියානු රජයේ සංස්කෘතික කටයුතු සහ සංචාරක අමාත්‍යාංශය, ඉන්දියාවේ මහා බෝධි සංගමය සහ සංස්කෘතික සබඳතා සඳහා වන ඉන්දීය කවුන්සිලය යන ආයතනයන්ගේ සහයෝගය ඇතිව සංවිධානය කර තිබිණ. ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා මෙම අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ පණිවුඩයක් එක් කළ අතර ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන් උද්‍යානයේ බෝ පැළයක් ද රෝපණය කළේය.

2. බුදු දහමේ ආකර්ෂණය නිල වශයෙන් බුදු දහම වැළඳ ගෙන ඇති මිලියන 550ක ජනතාවගෙන් බොහෝ ඔබ්බට පැතිර ඇති බව ද වෙනත් ආගම් සහ විශ්වාසයන් අනුගමනය කරන පුද්ගලයන් ද අදේවවාදීන් ද මිනිසා විසින් මුහුණ පාන මූලික ප්‍රශ්නවලට බුදු දහම විසින් ඉදිරිපත් කරනු ලබන තාර්කික, සහේතුක සහ සරල විසඳුම් හේතුවෙන් බුදු දහමට ආකර්ෂණය වී ඇති බව ද ඉන්දීය ජනාධිපතිතුමා සිය පණිවුඩයේ සඳහන් කළේය. විශ්වීය දයාව සහ අවිහිංසව, සදාචාරය සහ ජීවිතයේ සියලු අංශයන්හිදි මැදහත්භාවය වැනි බුදුන් වහන්සේ විසින් වදාළ මූලික ප්‍රතිපත්තීන් සාරානාත් හිදි උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ දින සිට වසර 2600 ගණනක් මුළුල්ලේ අප්‍රමාණ ජනතාවකට මඟ පෙන්වා ඇති බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික බලය උන්වහන්සේ සත්‍යය කෙරේ දැක්වූ නොසැලෙන කැපවීමේ ප්‍රතිඵලයකි.

3. කොවිඩ්-19 වසංගතය හමුවේ ලෝකයට දයාව, කරුණාව සහ පරාර්ථකාමීත්වය අන් කවරදාටත් වඩා අවැසි බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. බුදු දහම විසින් උගන්වන විශ්වීය වටිනාකම් වැළඳගන්නා ලෙස ද එතුමා ඉල්ලා සිටියේය.

4. ඇසළ පොහොය දිනය නිමිත්තෙන් පැවති වෙනත් උත්සවයක දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ද මේ හා සමාන අදහස් පළ කළ අතර ඛේදවාචකයකට මුහුණ පා ඇති අවස්ථාවේදී ලෝකයට ආදරයේ සහ සමඟියේ බලය දැනුණු බව ප්‍රකාශ කළේය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් උපුටා දක්වමින් අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේ මනස, වචනය සහ අධිෂ්ඨානය අතර සහ අපගේ ක්‍රියාව සහ උත්සහය අතර සමඟිය අපව වේදනාවෙන් ඉවතට සහ සන්තුෂ්ටිය කරා මඟ පෙන්වන බවයි.

5. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියවස් ගණනාවක් පැරණි බෞද්ධ බැඳීම් ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව බුදුන් වහන්සේ තෙවරක් ශ්‍රී ලංකාවට වැඩි කාලය දක්වා දිව යයි. පසුව අශෝක රජතුමා සිය පුත් මහින්ද මහ රහතන් වහන්සේ සහ දියණිය සංඝමිත්තා තෙරණිය ශ්‍රී ලංකාවට එව්වේය. වර්තමානයේදී මෙම ගැඹුරු සබඳතා ආගමික ප්‍රදර්ශන සහ වන්දනා ගමන් යනාදියෙන් පිළිඹුබු වේ. 2020 සැපතැම්බර් මාසයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ අන්තර්ජාලය ඔස්සේ පැවති ද්විපාර්ශවික සමුළුවේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ප්‍රකාශයට පත් කළ බව ද සිහිපත් කිරීම වටී.

***

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්