නවතම පුවත්

අමාත්‍යාංශ 30ට අඩුකරන්න ශ්‍රීලනිප යෝජනාවක්

අසංක

අසංක

ජනාධිපතිවරණය ඉලක්ක කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සකස් කර ඇති විශේෂ යෝජනාවලියක් එම පක්ෂය විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලබාදී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති විශේෂ හමුවේදී ශ්‍රීලනිප නියෝජිතයින් මෙම යෝජනාවලිය භාරදී ඇති බව වාර්තාවේ.

කැබිනට් අමාත්‍යංශය උපරිම 30කට සීමා කිරීම , නව මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම,, වංචා දූෂණ සිදු කළ පුද්ගලයින්ට එරෙහිව දඬුවම් දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, රට ණය උගුලෙන් බේරා ගැනීම වැනි යෝජනා රැසක් මෙම යෝජනාවලියට ඇතුලත්ව ඇත.

මීට අමතරව එළඹෙන ජනාධිපතිවරණය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මූලික අදියරේ කරුණු මෙම හමුවේදී සාකච්ඡා වී ඇතිඅතර . හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයන් අතර නිල මට්ටමේ තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තාවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම හමුව සිදුව ඇතිඅතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් එක්වි ඇති බව වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්