නවතම පුවත්

අමෙරිකානු දේවස්ථානයක දේව මෙහෙය අතරතුර වෙඩිතැබීමක්

අසංක

අසංක

අමෙරිකාවේ ටෙක්සාස්හි දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් අයකු තුවාල ලබා තිබේ.

දේවස්ථානයේ සිටි පුද්ගලයන් විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් තැබීම සිදු කළ පුද්ගලයාද මිය ගොස් ඇති බව එරට මාධ්‍ය සඳහන් කළේය.

වෙඩි තැබීමට හේතුව සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට වෙඩි තබමින් තවදුරටත් ජීවිත හානි සිදුවීම වැළැක්වීමට පියවර ගත් පුද්ගලයන් දෙදෙනාට ස්තූතිවන්ත වන බව ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් ප්‍රකාශ කර ඇත.

මෙම දේව මෙහෙය සජීවීව අන්තර්ජාලය ඔස්සේ විකාශය කරමින් තිබීම හේතුවෙන් වෙඩි තැබීම ද විකාශය වී තිබේ.

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එම වෙඩිතැබීමට පැමිණි නාඳුනන තුවක්කුකරු විසින් වෙඩිතැබීමට පෙර අවිය එල්ල කරමින් සිටි අයුරුයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්