නවතම පුවත්

දිළිඳු පවුල්වල තරුණ තරුණියන්ට ජනවාරියේ සිට විශ්‍රාම වැටුප් සහිත රැකියා

අසංක

අසංක

දිළිඳු පවුල්වල තරුණ පිරිස් අතරින් එක් මැතිවරණ කොට්ඨාසයකින් 700 දෙනෙකුට ලබන ජනවාරි මාසයේ සිට රැකියා ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසන්නේ එම පිරිසට මසකට රුපියල් 25,000 ක වැටුපක් ලබා දෙන බවයි.

එයට අමතරව විශ්‍රාම වැටුප් හිමිකමද ලබාදීමට නියමිතය.

ඔවුන්ගේ සුදුසුකම් විමසාබැලීමක් සිදුනොවන බව ද ඔහු කියාසිටියි.

කටුගස්තොට ශ්‍රී සිංහලාසීමාරාම විහාරස්ථානයේදී ඊයේ පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ආචාර්ය සරත් අමුණුගම මහතා,

” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සමයේ ජනතාවට දුන් පොරොන්දුවක් අනුව දිළිඳු පවුල් නඟා සිටු වීම අරමුණු කර ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.  අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් සුදුසුකම්  බලන්නේ නැතිව එක් ආසනයකින් 700 ක් බැගින් බඳවා ගන්නත්  ඔවුන්ට රුපියල් 25,000 බැගින් වැටුපක් ලබා දෙන්නත් විශ්‍රාම වැටුප් හිමිකම ලබා දෙන්නත් තීරණය කර තිබෙනවා.”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා