නවතම පුවත්

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් වූ අයගේ නවතම ලැයිස්තුවේ ජනපති ගෝඨාභයගේ නමත්

අසංක

අසංක

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා පුද්ගලයන්ගේ නම් ඇතුලත් එරට නවතම කාර්තුමය ප්‍රකාශනය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වී තිබේ.

එරට දේශීය ආදායම් සේවා දෙපාර්තමේන්තුව විසින් ෆෙඩරල් ලියාපදිංචි ප්‍රකාශනය ඔස්සේ මෙය ප්‍රසිද්ධ කර ඇත්තේ අද (8) දිනයේයි.

එරට පුරවැසිභාවය පිළිබඳ නෛතික ප්‍රතිපාදන තුල එන 6039G වගන්තියට අනුව විදේශගත වීමට තෝරාගෙන ඇති පුද්ගලයින්ගේ කාර්තුමය ප්‍රකාශනය තුළ ඔහුගේ නම මෙලෙස ඇතුළත්ව ඇත.

2020 මාර්තු 31 න් අවසන් වන කාර්තුවේදී ලේකම්වරයාට ලද තොරතුරු මත එක්සත් ජනපද පුරවැසිභාවය අහිමි වන එක් එක් පුද්ගලයාගේ නම මෙම ලැයිස්තුවේ අඩංගු වේ.

මෙම ලැයිස්තුගත කිරීමට අනුව මින් ඉදිරියට 877 (ඉ) (2) වගන්තියේ අර්ථ දක්වා ඇති පරිදි දිගු කාලීන පදිංචිකරුවන් ), සලකනු ලබන්නේ ඔවුන් පුරවැසිභාවය අහිමි වූ එක්සත් ජනපදයේ පුරවැසියන් ලෙස ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර අමෙරිකාවේ පදිංචිව සිටි එරට පුරවැසිභාවය හිමි අයකු වූ අතර මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම උදෙසා සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට කටයුතු කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්