නවතම පුවත්

අමෙරිකානු භූ විද්‍යාඥයින් කණ්ඩායමක් ඇවිත් ගිහින්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ නාය යෑම් අවම කිරීම වෙනුවෙන් පූර්ණ සහය ලබදීමට ඇමෙරිකාව ඉදිරිපත්ව සිටී .
මෙරට පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර ඇත.

ඒ අනුව අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ ඉංජිනේරුවන් සහ භූ විද්‍යාඥයින් පිරිසක් ඉකුත් නොවැම්බර් 5 වෙනි දා සිට 15 වැනි දා දක්වා මෙරටට පැමිණ නාය යෑම් පරීක්ෂණ උපකරණ මෙරට ස්ථාපනය කිරීමට ද කටයුතු කළ බව තානාපති කාර්යාලය පවසයි.

එමෙන්ම නාය යෑම් සිතියම්කරණයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, ආපදා ප්‍රතිචාරයේදී විද්‍යාඥයින්ගේ කාර්ය භාරය ආදිය සම්බන්ධයෙන් ද අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ නිලධාරීන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් දැනුවත් කර තිබේ.

තානාපති කාර්යාලයේ නිවේදනයේ දැක්වෙන්නේ, අමෙරිකාවේ විදේශ ආපදා කාර්යාලය ද මෙරට නාය යෑම් අපදා අවම කිරීම සම්බන්ධයෙන් දායකත්වය සපයා ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්