නවතම පුවත්

අමෙරිකානු රජයේ වෙබ් අඩවි ඉරානයෙන් හැක් කරයි

අසංක

අසංක

ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට ඉරානයේ පරිඝනක හැකර්වරු කණ්ඩායමක් අනවසරයෙන් පිවිස ඇති බව වාර්තාවේ.

ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයකු වන කසීම් සුලෙයිමානී මහතා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස එලෙස එම වෙබ් අඩවියට පිවිස ඇති බවටද තොරතුරු වාර්තාවේ.

මෙම හැකර්කරුවන් පිරිස, ඇමෙරිකාවේ ‘ෆෙඩරල් ඩිපොසිටරි ලයිබ්රරි ප්‍රෝග්‍රෑම්’ වෙබ් අඩවියට එලෙස ඇතුළුවෙමින් වෙබ් අඩවියේ නම “ඉරානියන් හැකර්ස්’ යනුවෙන් වෙනස් කර තිබේ.


වෙබ් අඩවියේ නම වෙනස් කිරීමෙන් පසු ඔවුන් එහි ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනි මහතාගේ සහ ඉරාන ධජයේ රූප ද පළ කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයාට අත මිට මොළවා පහරක් එල්ල වන අයුරු ද . ඊට යටින් ඉරාන මිසයිල ද පෙන්නුම් කරන රූප සටහන්ද මෙහිදී වෙබ් අඩවියට එක්කර ඇත.


“ඔහු නික්ම ගිය නමුත් දෙවියන්ගේ බලයත් සමඟ ඔහුගේ රාජකාරිය සහ මාර්ගය අවසන් වෙන්නේ නැහැ. ඔහුගේ ලෙයින් සහ අනෙකුත් විරුවන්ගේ ලෙයින් දෑත් අපවිත්‍ර කරගත් අපරාධකරුවන්ගෙන් පළිගන්නවා” යැයි ද එම රූප සටහනේ දක්වා ඇත.

“මෙය ඉරානයේ සයිබර් හැකියාවේ පුංචි දෙයක් පමණයි” යනුවෙන් ද වෙබ් පිටුවේ තවත් තැනක දැක්විණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්