නවතම පුවත්

අමෙරිකාවත් චීන “ණය උගුලේ” හිරවෙයි !

joe biden over china
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 30 ඉක්මවන වාර්තාගත ඉහල අගයකට ලඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරසිටී

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු දත්ත පෙන්නුම් කළේ – ජනවාරි 31 වන විට හිඟ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 30.1 ක් වූ අතර, වසංගතය පැමිණීමට පෙර 2020 ජනවාරි අග දී රට සිය ණය දෙන්නන්ට ගෙවිය යුතු මුදලෙන් ඩොලර් ට්‍රිලියන 7 කට ආසන්න වැඩිවීමක් වී ඇත.

වොෂින්ටනයේ රාජ්‍ය සහ රාජ්‍ය අභ්‍යන්තර ණය ගොඩගැසීම පිටුපස හේතු ගණනාවක් තිබෙන අතර ඒවායින් එකක් වන්නේ කොරොන වයිරස් රෝගය (කොවිඩ් -19) වසංගතය මධ්‍යයේ රජයේ වියදම් වැඩි කිරීමයි. විදෙස් මාධ්‍යට අනුව ෆෙඩරල් ආන්ඩුව ජපානය සහ චීනය ප්‍රමුඛ විදේශීය ආයෝජකයින්ගෙන් ඩොලර් ට්‍රිලියන 7 කට ආසන්න මුදලක් ණයට ගත්තේ මෙම කාල සීමාව තුළ බවයි විදෙස් මාධ්‍යන් වාර්තා  කරන්නේ.

තවද එක්සත් ජනපද මූල්‍ය විශේෂඥයින් විසින් උපුටා දක්වන ලද තවත් හේතුවක් නම්, වසංගතයට දශකයකට ආසන්න කාලයකට පෙර 2008 මූල්‍ය අර්බුදයේ සිට ක්‍රමානුකූලව ජාතික ණ‍ය නොගෙවා සිටීමයි.

2007 දෙසැම්බරයේදී, මහා අවපාතය ලෙස හැඳින්වෙන ගෝලීය ආර්ථික පරිහානිය ආරම්භ වන විට ඇමරිකාවේ ජාතික ණය හිඟය ඩොලර් ට්‍රිලියන 9.2 ක් වි තිබුන අතර ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස බලයට පත් වන විට රටේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 20 දක්වා ඉහළ ගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්