නවතම පුවත්

අමෙරිකාවේ කොරෝනා දත්ත වැරදියි?

අසංක

අසංක

කොරෝනා වසංගතය පිලිබඳව ජාත්‍යන්තර වශයෙන් දත්ත හා සංඛ්‍යාලේඛන නිකුත් කරන ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය ඇතුළු ආයතනයන් , ඇමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තියට අදාලව නිකුත් කර ඇති දත්ත වාර්තා හා එරට රජය විසින් නිකුත් කර ඇති නිළ දත්ත වාර්තා අතර බරපතල පරස්පරතාවයන් මතුව ඇති බව ජාත්‍යන්තර පුවත්සේවා අනාවරණය කර සිටී.

එසේම එම ආයතනයන්ද නිකුත් කර ඇති දත්ත වාර්තා එකිනෙකට නොගැලපෙන් තත්වයක් මතුව ඇති බවත් මෙය එරට කොරෝනා ව්‍යාප්තිය පිලිබඳ නිශ්චිත අවබෝධයක් ලබාගැනීමට බාධාවක්ව ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත.

ඊයේ වනවිට ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල වාර්තාවන්ට අනුව කොරෝනා අසාධනය හේතුවෙන් ඇමෙරිකාවේ මියගිය පුද්ගලයින් ගණන 97000 කට වැඩි බව දක්වා තිබු නමුත් , වර්ල්ඩෝමීටර් නම් ජාත්‍යන්තර වෙබ් අඩවියේ සටහන් වුයේ එය 98000 කට වැඩි අගයක් ලෙසය .

එසේම ඇමෙරිකාව තුල කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය සංඛ්‍යාව , ඇමෙරිකානු රජය විසින් නිකුත් කර ඇති දත්තයන්ට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව එරට පුවත් සේවා රැසක් සඳහන් කර ඇත..

ඇමරිකානු රජය මෙම තත්වයේ බරපතලතාව අවබෝධ කරගෙන නොමැති බවත් මෙසේ සංඛ්‍යාලේඛන පරස්පර වීම කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාවලියටද විශාල බාධාවක් වනු ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්