නවතම පුවත්

අමෙරිකාවේ මීළඟ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්

අසංක

අසංක

ඇමරිකානු විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයෙකු වන ලොයිඩ් ඔස්ටින් මීලඟ ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වීමට නියමිතව ඇත.

ඒ අනුව ඇමරිකානු ආරක්ෂක ලේකම් තනතුරට පත් වන පළමු කලු ජාතිකයා බවට පත්වීමට ලොයිඩ් ඔස්ටින් හට හැකිවනු ඇති බව මාධ්‍ය වාර්තා කර සිටී

මේ වනවිට 67 හැවිරිදි ‍වියේ පසුවන ලොයිඩ් ඔස්ටින්, බැරැක් ඔබාමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ඇමරිකානු මධ්‍යම අණදෙන බලකායේ අණදෙන නිළධාරියා ලෙස කටයුතු කළේය.

ලොයිඩ් ඔස්ටින් ආරක්ෂක ලේකම් තනතුරට පත් කිරීමට නම් බයිඩ්න්ට ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වී තිබේ. ඒ ලොයිඩ් ඔස්ටින් හමුදා සේවයෙන් විශ්‍රාම ලබා තවමත් වසර 07 ක් ගත වී නොමැති වීම නිසාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්