නවතම පුවත්

අයවැය යෝජනා – 2019 (LIVE)

අසංක

අසංක

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ මොහොතේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන 2019 අයවැය යෝජනා මෙතැන් සිට යාවත්කාලීන කෙරේ.

  • රට පුරා සියලුම පාසල්වල දරුවන්ට දියර කිරි
  • මේ වසර අවසන් වීමට පෙර වැසිකිළි නොමැති සියලුම නිවාස හා පොදු ස්ථානවලට වැසිකිළි ඉදිකිරීම හා පොදු ප්‍රවාහන සේවාවලට නවීන වැසිකිළි සකස් කිරීමට රුපියල් බිලියන 4ක්. පොදු ස්ථානවල වැසිකිළි නඩත්තු කිරීම පෞද්ගලික අංශයට.
  • සේවකයන් 50ට වැඩි ආයතනවල ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීම. එම පහසුකම් ස්ථාපනයට ‘රැකවරණ’ ණය යෝජනා ක්‍රමය මගින් පුද්ගලික අංශයට පවා ණය පහසුකම්. අවශ්‍ය මාර්ගෝපදේශන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයෙන්. ශ්‍රම බළකායට කාන්තාවන් වැඩි වශයෙන් යොදාගැනීම අරමුණයි.
  • පෞද්ගලික අංශයට ද මාස 3ක ප්‍රසූත නිවාඩු අනිවාර්ය කිරීමට පෞද්ගලික අංශය ධෛර්යමත් කිරීම.
  • කාන්තාවන්ට නිවසේ සිට වැඩකිරීමට හැකි පරිදි කම්කරු නීති සකස් කිරීම.
  • වැඩිහිටියන් රැකගැනීමේ පහසුකම් වැඩිදියුණු කිරීමට ආයෝජන ආයතනවලට ‘රැකවරණ’ ණය පහසුකම යටතේ ණය.
  • අඩු ආදායම්ලාභීන් පවුලක් සදහා රුපියල් 3000 දීමනාව 5000 දක්වා වැඩිකොට පවුල් 7200කට ලබාදීමට එම දීමනාව ලබාදිය හැකි පරිදි රු.මිලියන 400ක් වෙන්කෙරේ.
  • නිධන්ගත වකුගඩු රෝගීන් 5000 කට දැනට ලබාදෙන දීමනාව තවත් 5000කට ලබාදීමට යෝජනා.
  • මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සදහා දැනට ක්‍රියාත්මක වැඩසටහනට සම්පත් මුදාහැරීම.
  • ‘හෝම් ස්වීට් හෝම්’ ණය වැඩසටහන යටතේ අලුතෙන් විවාහ වන තරුණ යුවළවල් වෙනුවෙන් නිකුත් කෙරේ. වසර 25ක් සදහා ණය ගෙවීමේ කාලසීමාවක් සහ සියයට 6ක් වැනි අඩු පොලියට ණය.
  • ‘සිහින මාළිගා’ ණය ක්‍රමය තම දරුවන් දමා විදේශගතව සිටින ශ්‍රමිකයන් වෙනුවෙන් නිවාස ණය. විදේශසේවා කාර්යාලයේ ලියාපදිංචිවූවන් වෙනුවෙන් ලබන මස 01 වැනිදා සිට රු. මිලියන 10ක ණය සීමාවක්. වසර 15ක් දක්වා ගෙවීමේ කාලසීමාව.
  • පාසල් අධ්‍යාපනික යටිතල පහසුකම් රුපියල් මිලියන 32000ක්. කටපාඩම් වෙනුවට විශ්ලේෂණාත්මක ඉගෙනීම වෙනුවෙන් ගණිතය, සංගීතය, ඉංග්‍රීසි වැනි සංකලන විෂයන් හැදෑරීමට අවස්ථාව ලබාදීම.
  • රජයේ මුළු වියදමින් ‘සී ෆන්ඩ්’ ලෙසින් අධ්‍යාපනික විශිෂ්ටත්වය සදහා අරමුලෙන් ලංකාවේ හොදම ප්‍රතිඵල ලබාගන්නා සිසුන් ලෝකයේ හොදම විශ්ව විද්‍යාලවල ඉගෙනීමට අවස්ථාව ලබාදීම. හාවඩ්, ඔක්ස්ෆර්ඩ් ආදී සරසවි කිහිපයක් සමග දැනටමත් සාකච්ඡා කර අවසන්. සිසුන් 14න් අරඹා සෑම පළාතකම පළමුවැනියා වන සිසුවාටත් මෙම අවස්ථාව ලබාදීමට යෝජනා. මේ වසරේ දී සිසුන් 14ක් ලබන වසරේදී සිසුන් 28ක් යැවීමට පියවර. ඉගෙනීම අවසන් වූ පසු වසර 10ක් යනතුරු ශ්‍රී ලංකාවේ සේවය කිරීම යන එකම කොන්දේසිය යටතේ මෙය හදුන්වාදේ.
  • රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයක්.
  • ඉදිකිරීම් අංශයේ පුහුණුකිරීම් වෙනුවෙන් රු.මිලියන 300ක්. සෞඛ්‍ය අංශයේ ජාත්‍යන්තර ප්‍රමිති හෙද පුහුණු පාඨමාලා හදුන්වාදෙන අතර පුහුණුව ලබන එක් අයකුට රු.10,000 බැගින් වසර දෙකක් දක්වා ලබාදීමට යෝජනා. රාජ්‍ය නොවන රෝහල්වල ඔවුන්ට රැකියා ලබාගත හැකිය.
  • අයාලේ යන සුනඛයන් වන්ධ්‍යකරණයට ලක් කිරීම සඳහා රුපියල් මිලියන 100ක්.
  • ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ජාතික ඔලිම්පික් අරමුදල තර කෙරේ.
  • වී හා සුළු බෝග වෙනුවෙන් අස්වනු ප්‍රමිතියක් නිර්මාණය කිරීම.
  • පළාත් 9ම ආවරණය වන පරිදි සුඛිත පුරවර නගර වැඩසටහන වෙනුවෙන් රු. මිලියන 2000ක්.
  • බේරේ ජලය යථාතත්වයට පත්කිරීමේ අමෙරිකානු වැඩසටහන මේ වසරේ නිම කෙරේ.
  • කොළඹ ජල ද්‍රෝණියේ ජලය බැසයාම, කොළඹ ගංවතුර අවම කිරීමට රු. මිලියන 10100ක් දැනටමත් වෙන් කර ඇත. පෞරාණික අගයෙන් යුත් සුවිශේෂී ගොඩනැගිලි පිළිසකර කිරීම. කන්ද උඩරට උරුමයන් සංරක්ෂණය, දේශීය වෛද්‍ය ක්‍රමවේද, පෞරාණික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයට වැඩි මුදලක් වෙන් කිරීමට පියවර.
  • බෝගම්බර සිරගෙදර ඉදිරි වසර දෙක තුළ පොදු සුසානයක් කිරීමට රු. මිලියන 750ක්.
  • දුම්රිය මැදිරි කල් බදු පදනම මත පෞද්ගලික අංශයට ලබාදීමට ප්‍රධාන මාර්ගයේ දුම්රිය සේවාව යොදාගැනීමට යෝජනා. මාළඹේ-කොටුව සැහැල්ලු දුම්රිය සේවාව 2019 දී ඇරඹීමට පියවර. නෙළුව-පිටතවටරවුම් මාර්ගයත් අරඹයි.
  • සියලුම රාජ්‍ය සේවකයන්ට ජුලි මස 01 වැනිදා සිට රු.2500ක දීමනාවක්. විශ්‍රාම වැටුප් විෂමතා සංශෝධනය වෙනුවෙන් රු. මිලියන 12000ක් වෙන්කෙරේ. විශ්‍රාමිකයන් 5,80,000කට පමණ මෙමගින් සෙත සැලසේ. ඒ අනුව අවම වැටුප හිමි විශ්‍රාමිකයන්ට රු.1600 සිට විවිධ මට්ටම්වලට වැටුප් වැඩිකෙරේ.
  • යුද හමුදාවේ කමාන්ඩෝ දීමනාව රු. 5000ක් දක්වා වැඩිකෙරේ. හමුදාවේ නිවාස කුලී දීමනාව 100%කින් වැඩිකෙරේ. නිල ඇදුම් සදහා වන දීමනාව වැඩි කෙරේ.
  • අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ශක්තිමත් කිරීමට රු. මිලියන 300ක්.
  • ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මගින් තරුණ ප්‍රජාව බලගැන්වීම.
  • සමෘද්ධිලාභීන්ට තමන්ගේ ගිණුමෙන් රු. 36000ක් ලබාගැනීමට අවස්ථාව.
  • කොළඹ නගර සභාවේ නගර අලංකරණයට රු.මිලියන 1000ක්.
  • කඩොලාන නැවත වගාවට, පැල තවාන් ඇතිකිරීට රුපියල් මිලියන 50ක්.
  • ආපදාවලට සරිලන පරිදි අධි අවදානම් කලාපවලට ගැලපෙන නිවාස තැනීම හදුන්වා දේ.
  • ආපදා හදිසි වන්දි සදහා රුපියල් මිලියන 25000ක්.
  • උචිත ප්ලාස්ටික් භාණ්ඩ ආනයනය සදහා කර්මාන්ත ලියාපදිංචිය සැප්තැම්බර් 01 වැනිදාට පෙර සිදුකිරීමට නියෝග.
  • කලාකරුවන් සදහා පුරස්ථාන ගෙවීම් මගින් ලැබෙන ආදායම මසකට රු 50000ක් සදහා රදවාගැනීමේ බද්දෙන් නිදහස්.
  • ආගමික ස්ථාන සදහා සූර්ය බල පද්ධති මගින් විදුලිය ලබාගැනීම සෑම විහාරයකට රුපියල් ලක්ෂ 3 බැගින් ලබාදීමට යෝජනා.
  • වාහන ආනයන සදහා පනවා ඇති 200%ක මුදල් තැන්පතුව ඉවත් කරයි.
  • බීඩි මිල ශත 50කින් පමණක් වැඩි කිරීමට බදු සංශෝධනය කෙරේ..
  • කැසිනෝ වාර්ලෂික බලපත් ගාස්තුව රු.මිලියන 200 සිට මිලියන 400 දක්වා ඉහළට. අප්‍රේල් මස සිට බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක අතර කැසිනෝ සදහා ඇතුලත් වීමේ ගාස්තුව ඩොලර් 50ක් කෙරේ.
  • අප්‍රේල් මස 01 වෙනිදා සිට කාර්ය බහුල වේලාවන් හිදී අධිවේගී මාර්ග භාවිතා කිරීමේ ගාස්තු රු.100කින් වැඩි කෙරේ.
  • ගල් අරක්කු හැර මි.ලි. 750 සැර මත්පැන් බෝතලයක් මත වන නිෂ්පාදන බද්ද රු. 63කින් සහ හා ධාන්‍ය මත්පැන් (බීර) මි.ලි. 330 ක කැන් එකක් මත නිෂ්පාදන බද්ද රු. 9කින් ඉහළ දැමීමට යෝජනා කර ඇත.
  • අද සිට පනවා ඇති බිඩි කොළ ආනයන කිරීමේ සෙස් බද්ද රු. 2500 සිට 3500 දක්වා වැඩි කිරීමට යෝජනා කෙරේ 
  • ගුරු වැටුප 16000 සිට 29000 දක්වා වර්ධනයට පියවර
  • 2016 ජනවාරියට පෙර සහ පසු විශ්‍රාම ගිය පිරිසේ විශ්‍රාම වැටුප වෙනසේ ගැටලුව නිරාකරණය කරෙයි. ඒ සඳහා තවත් රුපියල් මිලියන 12000ක් වෙන් කෙරෙයි. විශ්‍රාමිකයන් 585,000කට මෙයින් ප්‍රතිලාබ ලැබේ. 
  • ජුලි මස 01 සිට රජයේ සේවකයින්ට රුපියල් 2500 ක දීමනාවක්
  • මිනි ටැක්සි ත්‍රීවීලර් රියදුරන්ට රජයෙන් විශේෂ ණය යෝජනා ක්‍රමයක්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි / උමංග බණ්ඩාර

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්