නවතම පුවත්

අයින්ස්ටයින්ටත් වඩා බුද්ධිමත් ලංකාවේ දැරියක්

අසංක

අසංක

අයින්ස්ටයින්ටත් වඩා බුද්ධියක් ඇති බ්‍රිතාන්‍යයේ බුද්ධිමත්ම දරුවාට හිමි සම්මානය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිශී උග්ගල්ල දිනාගෙන තිබේ.

ඒ චැනල් 4 නාලිකාවෙන් පවත්වනු ලැබූ Child Genius නමැති රූපවාහිනී තරගාවලිය ජයග්‍රහණය කරමිනි.

12 හැවිරිදි දැරියක වන ඇය පසුගිය සෙනසුරාදා පැවති එහි අවසන් තරගයේදී මැන්චෙස්ටර් ප්‍රදේශය නියෝජනය කරමින් එයට සහභාගී විය.

නිෂී උග්ගල්ලගේ මව සහ පියා දෙදෙනාම
ශ්‍රී ලාංකිකයින්ය.

මැන්චෙස්ටර් හි පාසලක ඉගෙනුම ලබන ඇය පාසලේ අය හදුන්වන්නේ “මිනිස් කැල්කියුලේටරය “ නමිනි.

ඇගේ පියා වන නිලංග උග්ගල්ල තොරතුරු තාක්ෂණ ආරක්ෂණ අංශ රැකියාවක නිරත වූයෙකි. ඔහු Barclays බැංකුවේ උප සභාපති ලෙසින් ද කටයුතු කරයි.

ඇගේ මව ශිරෝමී ජයසිංහ ගණකාධිකාරීවරියකි.

මෙම තරගය විද්‍යා ගණිත විෂයන්ට අදාළ ප්‍රශ්න හා ඉංග්‍රිසි අක්ෂර වින්‍යාසය සම්බන්ධ ප්‍රශ්නවලින් සමන්විතය.

තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව නිෂී පවසා තිබුණේ මෙවැන්නකි.
“මේ තරඟයට මා ඇතුළත් වෙන්න ප්‍රධාන හේතුව තමයි ගැහැණු ළමයින්ට භෞතික විද්‍යාවට , ගණිතයට හැකියාවක් නැහැ කියන එක වැරදි කියල ඔප්පු කරන්න.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්