නවතම පුවත්

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න සිංගප්පුරුවෙන් කොළ එළියක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලමින්  මෙරට  නීතිපතිවරයා විසින් යොමු කල ලේඛන සලකා බැලීමට සිංගප්පූරු නීතිපතිවරයා පියවර ගෙන ඇති බව වාර්තාවේ .
ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා  මේවනවිට ඔහුගේ නම අර්ජාන් ඇලෙක්ස්සැන්ඩර් ලෙස  වෙනස් කරගෙන ඇති බවද  ජාත්‍යයන්තර පොලිසිය විසින් ශ‍්‍රී ලංකා පොලිසියට දැනුම් දී ඇතැයි නීතීපතිවරයා සඳහන් කර ඇත .
එසේම මැලේසියාවේ සැඟව සිටින බව කියන මෙම නඩුවේ 10 වැනි විත්තිකරු වන පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු වු අජාන් ගාර්දිය පුංචිහේවා නමැති විත්තිකරු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අදාළ සිතාසිය විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට බාරදීමට විනිසුරු මඩුල්ල නියම කළේය.
2015 පෙබරවාරි 27 වැනි දා භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මහේන්ද්‍රන් මහතා  චෝදනා ලැබ සිටී.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්