නවතම පුවත්

රට ඉඳන් එන අයට නිරෝධායන නීති ලිහිල් වූ හැටි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් සඳහා නව නිරෝධායන රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.
මේ යටතේ කොරොනා එන්නත් ලබා නොගෙන දිවයිනට පැමිණෙන මගීන්ගේ හෝටල් නිරෝධායන කාලය දින 7 කට අඩුකර තිබීම විශේෂත්වයකි.
එලෙස පැමිණෙන පුද්ගලයින් පළමු දිනයේදී සහ 7 වන දිනයේදී PCR පරීක්ෂණයකට යොමු විය යුතුයි.
එම පරික්ෂණ දෙකෙන්ම එම පුද්ගලයින් කොරෝනා ආසාදනය නොමැති බව තහවුරු වුවහොත් හත්වන දිනයේදී ඔවුන් හෝටල් නිරෝධායනයෙන් මුදා හැරෙනු ඇත.
දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලයේ සෙසු දින ගණන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ අධික්ෂණය යටතේ නිවෙස් නිරෝධායනය විය යුතුය.
මේ අතර කොරෝනා එන්නත් ලබාගෙන සති දෙකකින් පසු දිවයිනට පැමිණෙන මගීන් සඳහා වෙනස් නිරෝධායන ක්‍රියාවලියක් හඳුන්වා දී තිබේ.
මෙහිදී එන්නත් ලබාගෙන පැමිණෙන මගීන් ගුවන් තොටුපළ වෛද්‍ය නිලධාරී වෙත එන්නත්කරණ සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතු අතර එය ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් තිබේ නම්, අනුමත කළ ඉංග්‍රීසි භාෂා පරිවර්තන සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
එවැනි මගීන් රජයේ බලධාරීන් මගින් නිරෝධායන හෝටල් හෝ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරනු ඇත
මෙම මගීන් දිවයිනට පැමිණ පැය 24 ක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික හෝ රාජ්‍ය රසායනාගාරයක් මගින් PCR පරීක්ෂණයක් කළ යුතුය.
ප්‍රතිඵල ලැබීමෙන් පසු එම පුද්ගලයින් හෝටල් නිරෝධායනයෙන් මුදා හැරේ.
සිය පෞද්ගලික ප්‍රවාහන ක්‍රමයකින් ඔවුන් නිවෙස් වෙත යා යුතු අතර සිය නිරෝධායන කටයුතු පිළිබඳ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුවත් කළ යුතු වේ.
මොවුන් එන්තත්කරණය අවසන් කර ඇති බැවින් තවදුරටත් නිරෝධායනය අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් ය.
කෙසේ වෙතත් සියලු මගීන් දිවයිනට පැමිණ 7 වන දිනයේදී නැවත වරක් PCR පරීක්ෂණයකට යොමු විය යුතු වේ.
පොදු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන මගීන් පළමු දිනයේදී සහ 10 වෙනි දිනයේදී PCR පරීක්ෂණයට යොමු කළ යුතුය
එම පරික්ෂණ දෙකෙන්ම කොරෝනා ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් 10 වන දිනයේදී නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරේ.
සෙසු දින 4 ඔවුන් නිවෙස් නිරෝධායනයේ සිටිය යුතුය
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්