පැතුම් වික්‍රමරත්න
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ විශේෂ ලිපි ගොනු කිහිපයක් සිංගප්පූරුව වෙත යොමු කිරීමට , නීතිපති දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත..
එරට රජයේ ඉල්ලීමක් මත මෙම ලිපි ලේඛන ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර මේ වනවිටත් එම ලිපි ගොනු සකස් කිරීම අවසන්ව ඇති බවද වාර්තාවේ,..
හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යැයි දන්වා ඇති එම ලේඛන කඩිනමින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා යොමු කිරීමට පියවර ගන්නා බව ද, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු මාධ්‍ය වෙත පැවසීය