නවතම පුවත්

අර්බුදයෙන් ගොඩඑන්න සහය දෙන බවට සජබයෙන් මහබැංකු අධිපතිට සහතිකයක්

අසංක

අසංක

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සදහා අඛණ්ඩ සහයෝගයක් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහ බැංකු අධිපතිවරයාට දන්වා තිබේ.

ඒ මුදල් අමාත්‍යංශ ලේකම් සහ මහ බැංකු අධිපති සමග, සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අද පැවැත් වූ සාකච්ඡාවකදීයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් හමුව කොළඹ දී පැවැත්වුණි.

පැය 3කට අධික කාලයක් මෙම සාකච්ඡා සිදුකෙරුණු බව සමගි ජන බලවේගය පවසයි.

ඉදිරියේදී එල්ලවන ආර්ථික අභියෝගයන්ට සහාය ලබාදීම සදහා වගකීමෙන් කටයුතු කරන බවට ද විපක්ෂ නායකවරයා මෙහිදී පොරොන්දු වී තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියාසිටියේ පවතින ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා ඉදිරිපත් වන ඕනෑම පාර්ශ්වයකට මුහුණදීමට සිදුව ඇත්තේ බරපතළ අභියෝග රැසකට බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්