නවතම පුවත්

අරුවක්කාලු වෙත කුණු ගෙනා ටිපර් රථ මග හරස්කර ප්‍රදේශවාසින් උද්ඝෝෂණයක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පුත්තලම වනාතවිල්ලුව අරුවක්කාලු කසල අංගනය වෙත කසල රැගෙන පැමිණි ටිපර් රථ 28 කට අංගනයට ඇතුළු වීමට ඉඩ නොදෙමින් ප්‍රදේශවාසින් විරෝධතාවයක නිරත වෙමින් සිටිනවා. අද (01) අලුයම් කාලයේ සිට මෙම විරෝධතාවය පැවැත්වෙන අතර අරුවක්කාලු කසල අංගනය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වෙන බව වනාතවිල්ලුව පොලිසිය සඳහන් කළා.

අරුවක්කාලු කසල අංගනය හේතුවෙන් තමන්ගේ ජන ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව සේරක්කුලිය ධීවර ගම්මානයේ පදිංචිකරුවන් පසුගිය 29 වැනිදා වනාතවිල්ලුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඊයේ (30) දහවල් වනාතවිල්ලුව නගරයේදී විරෝධතාවයක්ද පැවති අතර, පසුව ඔවුන් විසින් සකස් කරන ලද සංදේශයක්ද වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාර දීම සිදු කරන ලදි.

අද අලුයම් කාලයේ කසල රැගෙන පැමිණි ටිපර් රථවල මග හරස් කර ඇති ගම්වාසීන් එම රථවලට අංගනයට ඇතුළු වීමට ඉඩ නොදී විරෝධතාව ආරම්භ කර තිබෙනවා.  මෙම විරෝධතාවයට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත මුණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්