නවතම පුවත්

අද ලෝක ළමා හා වැඩිහිටි දිනයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඔක්තාම්බර් මාසයේ පළමු දිනය ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

අද දරුවා හෙට ලෝකයේ නායකයා බවට පත් වෙන නිසාම දරුවා සුවිශේෂී බව අවිවාදයෙන්ම පිලිගන්නවා.

1954 වසරේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශය වෙනුවෙන් රටවල් 13 ක් අත්සන් කළ අතර මහා මණ්ඩලය විසින් විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියා. මේ සඳහා නොවැම්බර් 20 වැනි දින තෝරා ගත් අතර තම රටවල් වෙනුවෙන් ගැලපෙන දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දෙන ලදී.හැම රටකම ඔක්තෝබර් පළමුවැනි දිනයම තෝරා ගන්නේ නැහැ.

රොමේනියාවේ ජාත්‍යන්තර ළමා දිනය සමරන්නේ ජූනි මාසයේ පළමු වැනි දිනටයි. එදිනට  මෙම රටේ දරුවන්ට නොමිලයේ සත්වෝද්‍යානයට ඇතුලු වී විනෝද වෙන්න පුලුවන්. ආර්ජන්ටිනාව අගෝස්තු මාසයේ දෙවැනි ඉරිදා දිනය ළමා දිනය සමරන්න යොදා ගෙන තිබෙනවා.බ්‍රසිලය ඔක්තෝබර් 12 වැනි දිනත් කැමරන් රාජ්‍යය සහ කොංගෝ රාජ්‍යය දෙසැම්බර් 25 වැනි දින ළමා දිනය සමරනු ලබනවා. ඉන්දියාව මේ සඳහා තෝරා ගන්නේ ජවහල්ලාල් නේරු තුමාගේ ජන්ම දිනය යෙදී තිබෙන නොවැම්බර් 20 වැනි දිනයි. පකිස්ථානයත් මේ දිනයම තෝරා ගත් අතර ඊශ්‍රායලය ඔක්තෝබර් 19 වැනි දින ළමයින් වෙනුවෙන් තෝරා ගත්තා.

 එසේම අද ලෝක වැඩිහිටි දිනයයි

එදා පවුල මුල් කරගෙන දැවැන්ත වගකීම් සම්භාරයක් අද ජීවිතයේ සැදෑ සමය ගෙවන වැඩිහිටියන් සතු විය. එදා ඔවුන් ඉතා යහපත් පරිදි ගත් තීන්දු තිරණ නිසා අත දරුවන්ගේ ජීවිතය බෙහෙවින් ආලෝකමත් වී ඇත. ජීවිතය තුලින් ඔවුන් උපයා ගත් දේ බොහෝය. එම අත්දැකීම් පාදක කර ගෙන දරුවන්ගේ ජීවිතයට මග පෙන්වීම ලබා දිය හැකිය. එහෙත් අද ඔවුන් අවලංගු කාසියක් බවට පත්ව ඇත. ඔවුන්ගේ අදහස් පිලිබඳව කිසිදු ඇගයීමක් නැත. දරුවන් විසින් තමාට ලබා දෙන ‍නොවැදගත්කම නිසා අනේ මටත් ගිය කලක් යනුවෙන් වූ කම්පනය වැඩිහිටියන්ට දැනෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනෙය් මෙවර තේමාව වන්නේ “සුමිතුරු දැයකින්-දිනවමු දරුවන්” යන්නයි.

ඕනෑම රටක අනාගත අභිවෘද්ධිය හා‍ ප්‍රෞඪත්වය රඳා පවතින්නේ වත්මන් ළමා පරපුර‍ ලෙස හැඳී වැ‍‍ඩෙන අනාගත වැඩිහිටි ප්‍රජාව මත බව ‍ජනාධිපතිවරයා නිවේදනයන් නිකුත් කරමින් දන්නවා සිටි.

දැනුම, කුසලතා හා යහපත් සාරධර්මයන් ගෙන් සපිරි වෙනස් වන සමාජ ආර්ථික අවශ්‍යතාවන්ට මනා ලෙස ගැළපෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ඵලදායි ළමා පරපුරක් බිහි කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එහෙයින් රජයක් වශයෙන් හා වැඩිහියන් ලෙස ළමයින් හට වඩා සුරක්ෂිත හා හිතකාමී සමාජ පරිසරයක් තහවුරු කරන යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අධිෂ්ඨානයෙන් කැපවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

මෙවර ළමා දින තේමාව තුළින් යහපත් ඉසව්වක් කරා දරුවන් රැගෙන යෑම බලාපොරොත්තුව වන බවත් සඳහන් කර සිටින ජනාධිපතිවරයා, ඒ සඳහා දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ඇතුළු ළමයින‍්ගේ ආරක්ෂාව, රැකවරණය හා සංවර්ධනය තහවුරු කරන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් පවසා සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්