සමගි ජනබලවේගයෙන් නාම යෝජනා භාරදුන් 99 දෙදෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සමගි ජනබලවේයේ ප්‍රධානීන් තීරණය කර ඇත.
සාමාජිකත්වය අත්හිටවූ බවට මෙතෙක් කිසිවෙකුටත් ලිඛිතව දැනුම් දී නොමැති බවද සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කර සිටී
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය සමගි ජනබලවේගය සමග සිටින අතර එක්සත් ජාතික පක්ෂය බලහත්කාරයෙන් සිය අරමුණු ඉටුකර ගැනීමේ උත්සහයක නිරත වෙමින් ඇති බවද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්නායක මහතා ප‍්‍රකාශ කළේය.