නවතම පුවත්

අලුත් අවුරුද්දට අතවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයි

අසංක

අසංක

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට රජය තීරණය කළ බව
​වෙළෙඳ ආමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම ලබන සඳුදා සිට නව මිල ගණන් යටතේ එම භාණ්ඩ මිලදී ගත හැකිය.

අද මිල අඩු කෙරෙන භාණ්ඩ පිළිබඳ දැනුම්දීම සිදුකෙරුණේ වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

වාණිජ සංස්ථාව නිෂ්පාදනය කරන තේ කොළ ග්‍රෑම් 100ක පවතින මිල රුපියල් 135ක් වුවද ලබන සඳුදා සිට එම තේ කොළ ග්‍රෑම් 100ක් අලෙවි කෙරෙන්නේ රුපියල් 95කට ය.

දැනට රුපියල් 550ක පමණ මිලකට අලෙවි කෙරෙන සෝයා තෙල් මිලිලීටර 500ක් රුපියල් 310කට ලබා ගත හැකිය.

රුපියල් 350කට අලෙවි කෙරෙන අත් සේදුම්කාරක දියර මිලිලීටර් 100ක බෝතලයක් රුපියල් 250 දක්වා අඩු කෙරෙන බව අමාත්‍යවරයා පවසයි.

අත් සේදුම්කාරක දියර මිලලීටර් 50ක් රුපියල් 150 තෙක් අඩු කර තිබේ.

SLS සහතිකය සහිත මුහුණු ආවරණයක නව මිල වන්නේ රුපියල් 14කි.

එමෙන්ම අභ්‍යාස පොත්වල දැනට පවතින මිලට වඩා සියයට 20ක් අඩුවෙන් අලෙවි කෙරේ.

වෙළෙඳපොළෙහි රුපියල් 150ත් 165ත් අතර මිලකට අලෙවි වන දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115කට අලෙවි කිරීමට තීරණය කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්