නවතම පුවත්

බාර් අරින තීරණය පිටුපස මත්පැන් ව්‍යාපාරිකයන් ඇතැයි සැකයක්

අසංක

අසංක

සුරා සල් නැවත විවෘත කිරීමට රජය ගත් තීරණය පිටුපස මත්පැන් ව්‍යාපාරිකයින් හා ඊට සම්භන්ධ පිරිස් සිටින බවට සැකයක් මතුව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාරද වර්ණසූරිය මහතා ප්‍රකාශ කර සිටී.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලෝකයටම ආදර්ශයක් දෙමින් ඉතාමත් සාර්ථක වැඩපිළිවෙලක් දියත්කල මෙරට රජය , මෙම සුරා සල් විවෘත කිරීමේ තීරණය හරහා ඊට කළු පැල්ලමක් එක්කරගෙන ඇති බවද ඒ මහතා අවධාරණය කර සිටී.

දුම්කොළ කර්මාන්ත අධ්‍යන කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද “COVID-19 සහ දුම්කොළ, මද්‍යසාර කර්මාන්තය ” සජීවී ප්‍රශ්නෝත්තර වෙබ් සමුළුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය .

මෙතෙක් කොරෝනා පාලනය සඳහා මෙරට දියත් කල එම විශිෂ්ඨ ක්‍රියාවලිය , සුරා සල් විවෘත කිරීමේ තීරණය හරහා කඩාකප්පල් වීමේ බරපතල අවදානමක්ද ඇති බව ද ඒ මහතා මෙහිදී පැවසීය .

කොරෝනා පාලන නීති ලිහිල් කිරීමේදී ක්‍රියාවලියේ අවසන් අදියරේදී ක්‍රියාත්මක කල යුතු පියවරක් මෙසේ මුලින්ම ක්‍රියාවට නැංවීම ගැන විමතියට පත්වන බවද මහාචාර්යවරයා පැවසීය .

ඒ මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ .

දුම්කොළ කර්මාන්ත අධ්‍යන කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද "COVID-19 සහ දුම්කොළ, මද්‍යසාර කර්මාන්ත" සජීවී ප්‍රශ්නෝත්තර…

Publiée par Tobacco Unmasked sur Dimanche 17 mai 2020

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්