නවතම පුවත්

‘අලුත් ජනපතිට හෙට හවස 6ට දිවුරුම් දිය හැකියි’ – මැකො

අසංක

අසංක

‘අලුත් ජනාධිපතිවරයාට හෙට සවස 6 වනවිට ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵල ලබාදීමට උත්සාහ කරන බව මැතිවරණ ‌කාමිෂන් සභාවේ සභාපති මහින්ද ‌දේශප්‍රිය මහතා පවසයි.

‘නමුත් නිශ්චිත ‌ලෙසම දැනට කිසිවක් කියන්න බැහැ. නැකැත් එහෙම හදාගෙන ඉන්න අයට නම් හෙට හවස වුණත් දිවුරුම් දෙන්න පුළුවන්. නමුත් සදුදා දිවුරුම් දිය හැකි පරිදි අපි ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනවා’ යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.‍‍‍

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් කරන බව ද සභාපතිවරයා කියාසිටියේය.

‘හෙට දවසේ දේශපාලකයන්ගෙන් ඉල්ලනවා කරුණාකර දේශපාලනයෙන් හාමුදුරුවෝ ඈත් කරන්න’ යැයි ද දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවැසීය.

හෙතෙම පෙන්වාදෙන්නේ සති දෙකක කාලයක් නව ජනාධිපතිවරයාට දිවුරුම් නොදී කාලය ගතහැකි බවයි.

‘අගමැතිවරයා අපිව අද හම්බවෙන්න ඇවිත් අදහසක් පළකළා. ඒ පළවෙනි වතාවට ඡන්දයක් නෑ වගේ ඡන්දයක් දැක්කා වගේ කිව්වා. අපිට ඒ අදහස හරි වටිනවා කියලා.’ යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් අදහස් පළකළේය.‍

‘මේ ඡන්දය අපිට මීට වඩා හොදට කරන්න තිබුණා. මාධ්‍ය උපමානවලට පෞද්ගලික මාධ්‍ය 2කුත් රාජ්‍ය මාධ්‍ය 2කුත් විරුද්ධව හැසිරුණා. ඔවුන් මැතිවරණ කොමිසම සමග කරගත් එකගතා කඩකළා. අපේ මිතුරෝ අපිව පාවාදුන්නා වගේ. තුවක්කු ප්‍රචණ්ඩත්වය නෑ. හිංසන නෑ. එතෙක් මෙතෙක් දැකපු දෙයක් තමයි නිහඩ කාලය තුළ නීතියෙන් පරිබාහිරව කටයුතු කිරීම. වේදිකාවට ආගම ඇදගෙන ඒම. පූජ්‍ය පූජක උතුමාණන්ලාගේ මැදිහත්වීම. අපිට ලද පැමිණිලි අපි පසුව හෙළිකරනවා. මට ඒ පැමිණිලි ගැන කියන්න බෑ. සුදුසු නෑ. පුරවැසියන්ගේ ගෞරවය පිණිස බතා බහුතරයක් වන ශ්‍රේෂ්ට ආගම්වලට අපේ ඇති ගෞරව නිසා ඒ සම්බන්ධ පැමිණිලි හෙළිකිරීමෙන් අපි වළකිනවා. මම ඉල්ලා සිටිනවා හෙට දවසේ දේශපාලකයන්ගෙන් කරුණාකර හාමුදුරුවෝ ඈත් කරන්න. අපිට පුළුවන් වුණා හමුදාව පොලීසිය දේශපාලනයෙන් ඈත් කරන්න.

මම හෙටම අස්වෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අතුරු වාර්තාව, ගෙවීම් ආදිය ගැන වාර්තා කළ යුතුයි’ යැයි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්