නවතම පුවත්

සමාජ ජාල ඔස්සේ පැතිරෙන ප්‍රථිපල සම්පූර්ණයෙන්ම අසත්‍යයි – මැ.කො.

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින ජන්ද ප්‍රතිපල සම්පුර්ණයෙන් අසත්‍ය ඒවා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් 

” අද (16) රාත්‍රී 9.40 පමණ වන විට සියලුම තැපැල් ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කවර විවෘත කරලා ගණන් කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඇතැම් ජන්ද මධ්‍යස්ථානවල තැපැල් ජන්ද ගණනය කිරීම අවසන් අදියරේ පවතිනවා. මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා නිල නොවන තැපැල් ජන්ද ප්‍රතිපල බවට සඳහන් කරමින් පළකර ඇති සියළු ලේඛණ සැබෑ ප්‍රතිපල නොවෙයි.

රත්නපුර, කෑගල්ල, බදුල්ල දිස්ත්‍රික්කවල අද සවස ඇතිවූ වර්ෂාව නිසා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ හේතුවෙන් එම ජන්ද මධ්‍යස්ථානවල ජන්ද පෙට්ටි ගෙන ඒමේ බාධාවක් ඇතිවුනා. ඇතැම් ජන්ද මධ්‍යස්ථානවල ජන්ද ගණනය කිරීම ආරම්භ වුයේ රාත්‍රී 10.00 පසුව බවයි මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ. ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ප්‍රතිපල නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇතිවිය හැකියි.

එමෙන්ම ජන්ද පෙට්ටි ප්‍රවාහන කරමින් සිටි වාහනයක් හදිසි අනතුරකට ලක්වී තිබෙනවා. එම අනතුරෙන් ජන්ද පෙට්ටි වලට හෝ නිලධාරින්ට හානියක් සිදුව නැහැ. එම ජන්ද පෙට්ටි සහ නිලධාරීන් ආරක්ෂා සහිතව බදුල්ල ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බවයි” මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්