අලුතින් විදුලි බලාගාර 3ක්

Picture of අසංක

අසංක

මෙරට තුල අලුතින් විදුලි බලාගාර තුනක් ඉදිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සැලසුම් කර ඇත.

මේ හරහා මෙගාවොට් 1200ක ධාරිතාවක් අලුතින් ලබාගැනීම සඳහාද අමාත්යංශය සැලසුම් සකස් කර ඇත.

ඒ අනුව නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300 බැගින් වන බලාගාර දෙකක් සහ මෙගාවොට් 300 බැගින් වන විදුලි බලාගාරයක් ඉතා කඩිනමින් ඉදිකරන බවද අමාත්‍යංශය සඳහන් කර සිටී .

මීට අමතරව සූර්ය බල විදුලි උත්පාදනයට ඉන්දියානු රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබාදීමට නියමිත අතර එම ව්‍යාපෘති ද කඩිනමින් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කර සිටී