අපයෝජනයට හෝ අනතුරකට භාජනය වීමේ අවධානම් සහිත දරුවන් සිටින නිවාස සොයා දීපව්‍යාප්ත සමීක්ෂණකයක් රජය විසින් ආරම්භ කර ඇත.
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් මෙම සමීක්ෂණය ක්‍රියාත්මකය.
දරුවන් ගොදුරු බවට පත්වීමේ වැඩි ඉඩක් ඇති නිවාස සහ ස්ථාන සිතියම් ගත කිරීම මෙහි අරමුණ වන අතර මේ සඳහා නවීන තාක්ෂනය උපයෝගී කරගැනෙන බවද එම අමාත්‍යංශ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය මාධ්‍ය වෙත පැවසීය.