නවතම පුවත්

අවසරයක් නැතිවම මත්පැන් අලෙවිසල් විවෘත වුනේ කොහොමද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති පසුබිමක වුවද මේ වනවිට  දිවයින පුරා ඇතැම් ප්‍රදේශවල මත්පැන් අලෙවිහල් විවෘතව පවතින බවට තොරතුරු වාර්තාවේ .  මෙවැනි තත්ත්වයක් රටේ එක්වරම මතු වූයේ මත්පැන් අලෙවිසැල් සහ බීර වර්ග බෝතල් සහ කෑන් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමඟය.

කෙසේ වෙතත් යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ කොන්දේසි යටතේ හෝ මත්පැන්හල් විවෘත කිරීමට අවස්ථාවක් පවතින්නේදැයි කොවිඩ් මර්දන රැස්වීමේදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ විමසීමක් කළ බවය. එහෙත්, ඇදිරි නීතිය පවතින සමයේ එසේ කිරීමට ඉඩක් නැතැයි ජනාධිපතිවරයා පවසා තිබෙන අතර  ඒ අනුව මත්පැන්හල් විවෘත කිරීමට කිසිදු අවසරයක් එහිදී හිමිවී නොමැත ..

ඒ අනුව මේ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවෙන් සිදු කල  විමසීමකදී  එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන්හල් විවෘත කිරීමට නිළ වශයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවය . කෙසේ වෙතත් ඇදිරි නීතිය පනවා ඇති කාල සීමාවේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බවද ඔහු කියා සිටියේය ..

මත්පැන් අලෙවිසැල් විවෘත කර ඇති බවට වාර්තා පළවීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මත්පැන් අලෙවිසැල් අසල පෝළිම් දක්නට ලැබින.. හැටන් නගරය ඒ අතරින් ප්‍රධාන වන අතර මාතලේ , බදුල්ල , මීගමුව , ජාඇල , කොළඹ , බත්තරමුල්ල ආදී ප්‍රදේශ රැසක ඊයේ දිනය පුරාද මත්පැන් හල විවෘතව තිබිණ .

එසේම ඊයේ දින සිට මෙරට මත්පැන් අලෙවිසල් විවෘතව පවතින බවට   ජාතික පුවත්පත් ඇතුළු ප්‍රධාන මාධ්‍ය රැසක පසුගියදා වාර්තාකෙරුණු අතර , සුරා බදු දෙපාර්තමේන්තුව විසින් මෙම අවසරය ලබාදී ඇති බවටද එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය . එම අවසරය පිළිබඳව සුරා බදු දෙපාර්තමේන්තුව විසින්ම එම මාධ්‍ය වෙත දැනුම් දී ඇති බවටද එම වාර්තාවල සඳහන් විය .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි