නවතම පුවත්

සිරකරු අයිතිවාසිකම් ‘වළපල්ලට’ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට ශ්‍රී ලංකාව තුල ‘සිරකරු අයිතිවාසිකම් සම්භන්ධව අර්බුද හා ගැටළු රැසක් මතුවෙමින් ඇත . ඊට අදාළ  සිදුවීම් රැසක් පසුගිය මාස  කිහිපයක කාලසීමාව  තුල මෙරටින් වාර්තාවිය . ඒ අතරින් මෑතකදීම කරලියට පැමිණි  සිද්ධිය  වාර්තාවන්නේ  , අනුරාධපුරය බන්ධනාගාරයේනි .

අනුරාධපුරය බන්ධනාගාරය තුළ සිදු වූ බව කියන ලොහාන් රත්වත්තේ විසින් රැඳවියන්ට තර්ජනය කරනු ලැබීමේ සිදු වීම. ඉතා බරපතල චෝදනාවකි. එම චෝදනාව එල්ල වන්නේ සාමාන්‍ය දේශපාලනඥයෙකුට නොව සිරකරුවන්න්ගේ වගකීම භාරව සිටි අමාත්‍යවරයාටම ය.

අනුරාධපුරය බන්ධනාගාරය තුළ දී විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින විශේෂ සිර මැදිරිය වෙත ගොස් ඉන් සිරකරුවන් අටදෙනකු පිටතට ගෙන ඔවුන් දණ ගස්වා පිස්තෝලයක් පෙන්වා ලොහාන් රත්වත්තේ විසින් තර්ජනය කර ඇතැයි මාධ්‍ය ඔස්සේ වාර්තා පළ විය.

Ratwatte remains a state minister despite resignation over running amok in  prisons – The Island

එමෙන්ම සුදර්ශන් නමැති සිරකරුගේ හිසට තුන්වතාවක් පිස්තෝලය තබා “උඹලා එළියට යවන එක තීරණය කරන්නේ අපි” යැයි කියා තර්ජනය කළ බවත් එය වැළැක්වීමට ගිය අනුරාධපුර බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවත් බන්ධනාගාර නිලධාරීහු පෙන්වා දුන් බව මෙරට  පුවත්පත්  වාර්තා කළේය.

එම පුවත්පතම  පසුගිය දා තවදුරටත් වාර්තා කර තිබුණේ වැලිකඩ බන්ධනාගාරයටද ඉකුත් 05 වැනිදා රාත්‍රියේ බීමතින් මිතුරන් සමග පැමිණි රාජ්‍ය ඇමැතිවරයා පිස්තෝලයක්ද ඇතැතිව එල්ලුම්ගස නැරඹීමට ගිය බවය.

එහි දී අලුතින් බඳවාගත් නියාමකවරුන් පෙළට තබා දේශනයක් පැවැත් වූ බවද හෙළි වී තිබේ යනුවෙන් අරුණ පුවත් පත පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන්  ජනමාධ්‍ය  රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ මේ පිළිබඳ පළවී ඇති මාධ්‍ය වාර්තා තමන් ප්‍රතික්ෂේප කරන බවය.

ඇමතිවරයා වශයෙන් ඕනෑම බන්ධනාගාරයකට යාමේ අයිතිය තමන්ට ඇති බව පැවසූ ඔහු, “මම ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න තමයි. නැතිව ඔය කියන විදිහේ දෙයක් උනේ නෑ.” යි සඳහන් කළේය.

අනුරාධපුර බන්ධනාගාරයේදී ද්‍රවිඩ සිරකරුවන් දණගස්වා තර්ජනය කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහුගේ ප්‍රතිචාරය වූයේ, “මම මොකටද තර්ජනය කරන්න යන්නේ එකට ඕනනම් වෙන අය ඉන්නවා නේ.” යන්න ය.

මෙම බරපතල සිද්ධියෙන් පසු ලොහාන් රත්ත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූවද තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ රැදී සිටී . එසේම  ලොහාන් රත්වත්තේ ගැන පැමිණිල්ලක් පොලිස් ස්ථානයකට ලැබුණු බවට මේ දක්වා වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ඊයේ  පෙරවරුවේ (සැප්තැම්බර් 17) මාධ්‍ය වෙත පැවසීය .

 

අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්: රැඳවියෙකු මරුට - Sri Lanka News

 

‘CID එකට සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධානයෙන් ලිපියක් භාර දීලා තියෙනවා. CID එක ඒ ලිපිය සම්බන්ධයෙන් ඔවුන්ගේ විමර්ශන ක්‍රමවේදය අනුව කටයුතු කරයි. නමුත් කිසිම පැමිණිල්ලක් පොලිස් ස්ථානයකට ලැබුණු බව මට වාර්තා වෙලා නෑ.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මේ අතර “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල වහාම විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස්” දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර පවසයි.

තවත් පුද්ගලයන් සමග බීමතින් වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීම හා එහි නියාමකවරුන්ට තර්ජන කිරීම, අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් පිස්තෝලයක් රැගෙන ගොස් බලහත්කාරයෙන් ඇතුළුවීම සහ සිරකරුවන්ට තර්ජනය කිරීම යන චෝදනා ලොහාන් රත්වත්තේට එල්ල වී තිබේ.

මේ ගැන විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසත්, ලොහාන් රත්වත්තේ සහ එයට අදාළ පාර්ශවයන් අත්අඩංගුවට ගන්නා ලෙසත් පාර්ශව ගණනාවක් රජයෙන් ඉල්ලා සිටින නමුත් තවමත් ඒ සම්භන්ධව නිසි හා සාධාරණ ක්‍රියාවලියක් සිදුවන බවක් පෙනෙන්නට නැත

''ලොහාන් රත්වත්තේ මහතා විසින් සිදුකළ බවට චෝදනා එල්ල වන බරපතළ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාකරන ලෙස ක්‍රියාකරන ලෙස නීතිපතිවරයා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වෙතින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටියි.''

 

ලොහාන් රත්වත්තේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී අපරාධ පරීක්‍ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔහුට එරෙහිව තිබෙන චෝදනා හමුවේ කිසිදු රාජ්‍ය ධූරයක් දැරීමට ඔහු නුසුදුසු බව දක්වමින් නිවේදනයක් නිකුත් කර ඇත.

”ලොහාන් රත්වත්ත මහතාට එරෙහිව තිබෙන චෝදනා ඉතා බරපතළ වන අතර එබැවින් සිරකරුවන් සම්බන්ධයෙන් වගකිව යුතු අමාත්‍යාංශයක් භාරව සිටීමට වත් වෙනත් ඇමති තනතුරක හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක හෝ වගකීමක් දැරීමට වත් ඔහු විශ්වසනීය පුද්ගලයෙකු වන්නේ නැත.”

”එවැනි සාපරාධි ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී විමර්ශනයක් සිදුකළ යුතුය. චෝදනා ඔප්පු වුවහොත් දණ්ඩනයට ලක් කළ යුතුය.”

”ලොහාන් රත්වත්තේ මහතා විසින් සිදුකළ බවට චෝදනා එල්ල වන බරපතළ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාකරන ලෙස නීතිපතිවරයා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වෙතින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටියි.” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

 

 

බිමල්කා පෙරේරා 

සම සංස්කාරක 

freemedia.lk

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා