නවතම පුවත්

අවු 20ට වැඩි අය එන්නත් ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න

අසංක

අසංක

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වයස 20 වැඩි ජනතාවට සයිනොෆාම් Sinopharm එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම, මාර්ගගත හා කෙටි පණිවුඩ SMS මගින් සිදුකල හැකිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

බස්නාහිර පළාත් 20-30 අතර ජනතාව මෙම එන්නත ලබාගැනීමට සුදුසුකම් ලබන අතර ගම්පහ සහ කළුතර දිස්තික්වල 20+ සියලුදෙනාම ඒ සදහා සුදුසුකම් ලබයි. එන්නත් ලබාදීම මේවනවිට ආරම්භ කර තිබේ.

සුදුසුකම්ලත් පුරවැසියන්ට https://vaccine.covid19.gov.lk වේබ් අඩවිය හෝ SMS මගින් ලියාපදිංචි වියහැකියි ය. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය , (ICTA), කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන (NOCPCO), බස්නාහිර පළාත්සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලිසන්දේශ නියාමන කොමිෂන් සභාව (TRC) සහ ජංගම දුරකථන සේවාවන් සමග එක්ව මෙය ක්‍රියාවට නගයි.
කෙටි පණිවුඩ මගින් ලියාපදිංචි වීම සඳහා, පහත දැක්වෙන විධානයන් ටයිප්කර 1906 වෙත යොමුකළ යුතුවේ .

පියවර 1: සක්‍රීය එන්නත් ලබා දෙන දිස්ත්‍රික් කේත ලැයිස්තුවක් ලබා ගැනීම සඳහා districts ලෙස සටහන් කර යවන්න

පියවර 2: ඔබට ලැබෙන දිස්ත්‍රික් කේත අතරින් ඔබගේ දිස්ත්‍රික් කේතය තෝරා ටයිප් කර නැවත 1906 ට යැවීමෙන් ප්‍රදේශ MOH කේත ලැයිස්තුව ලැබෙනු ඇති. උදා :කොළඹ ( COL )

පියවර 3: එහි ඔබට අදාළ ප්‍රදේශ කේතය තෝරාගෙන (උදා: COL2) පහත සදහන් ආකාරයට ටයිපකර යැවීමෙන් ලියාපදිංචි එන්නත් ලබාගතහැකි මධ්‍යස්ථාන ඛේතයන් ලබාගත හැකියි.

පියවර 4: ඔබේ පළමු එන්නත සඳහා ලියාපදිංචි වීමට ඔබ ලබාගෙන ඇති කේතයන් ඇසුරින් ආකෘතිය සම්පුර්ණකර කෙටි පණිවිඩයක් යවන්න.

ජාතික හැදුනුම් පත් අංකය-හිස්තැනක්-එන්නත් මධ්‍යස්ථානය-

සාර්ථකව ලියාපදිංචි වූ පසු, ඔවුන්ට ලියා පදිංචි අංකයක් (කේතයක්) ලැබෙනු ඇත. නියමිත වේලාවට අදාළ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම අංකය යොමු කිරීමෙන් පහසුවෙන් එන්නත ලබාගත හැකිය.

වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද(07) දින කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ දිනයේ ද දිස්ත්‍රික් 23ක් පුරා මධ්‍යස්ථාන 383 කදී එන්නත් ලබාදේ.

අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්