නවතම පුවත්

අසංවර්ධිත රටවල ළදරුවන්ගෙන් 2/3කට නිසි පෝෂණයක් ලැබෙන්නේ නැහැ – යුනිසෙෆ්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සංවර්ධනය වන රටවල් බහුතරයක වයස අවුරුදු 2 ට අඩු දරුවන් අතරින් සෞඛ්‍යමත් වර්ධනයක් ලබන්නේ 1/3 ක් පමණක් බව යුනිසෙෆ් සංවිධානය අනාවරණය කර සිටී . ඒ අනුව එම රටවල දරුවන්ගෙන් 2/3 පමණ පිරිසකට නිසි පෝෂණයක් නොලැබෙන අතර ඒ හේතුවෙන්ම ඔවුන් නිසි සෞඛ්‍යමත් ලෙස  වර්ධනය  නොවන බවත්  යුනිසෙෆ් ආයතනය අනාවරණය කරයි.

ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ දකුණු ආසියානු රටවල් වැඩි වශයෙන් මෙම තත්වයට මුහුණ පා සිටින අතර  ගතවූ දශකයක කාලය තුළ මේ තත්වය වැඩි දියුණු කිරීමට කිසිදු උත්සාහයක් සමත් වී නැතිබවද එම සංවිධානය පවසයි .

, ගෝලීය කෝවිඩ් වසංගතය තුළ තත්වය තවදුරටත් නරක අතට හැරීම පමණක් සිදුව තිබෙන බවත්  යුනිසෙෆ් සංවිධානය විසින් පළ කළ නවතම වාර්තාවක දැක්වේ .

එම වාර්තාවට අනුව  කෝවිඩ්-19, යුද්ධ හා අරගල සහ දේශගුණික හදිසි විපත් විසින් ලෝකයේ රටවල් 91 ක ළදරුවන්ගේ අත්‍යාවශ්‍ය පෝෂණයට දැඩි බලපෑම් එල්ල කර තිබේ. එම රටවල් 91 හි මාස 6 සිට 23 දක්වා වන දරුවන්ගෙන් භාගයකට, දෛනික ආහාර වේල් ගණන පවා ප්‍රමාණවත් පරිදි ලැබෙන්නේ නැත.  ඔවුන් අතරින් ද, ලැබිය යුතු අවම පෝෂණය සහිත ආහාර වේලක් ලබන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි.

දුප්පත් ආහාර වේල් හේතුවෙන් පාසල් යාම ඇතුළු අධ්‍යාපන කටයුතු අඩාල වීම, වඩාත් දුර්වල අය ලෙඩ රෝගවලට ගොදුරු වීම සහ මන්දපෝෂණයේ ප්‍රතිඵලවලට ලක් වීම බහුල වශයෙන් සිදු වේ. වයස අවුරුදු 2 ට අඩු ළදරුවන් මිලියන 11 ක් දෙනා මේ වන විට පෝෂණ ඌනතා හේතුවෙන් ඇති වන දුර්වලකම්වලට මුහුණ පා සිටිති.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි