නවතම පුවත්

නිවසේ සිටම හැදෑරිය හැකි වෘත්තීය පුහුණු පාඨමාලා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාසල් ළමයින්ට නිවසේ සිටම හැදෑරීමට හැකි පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.

සිසුන් අතර ජනප්‍රිය මෝටර් කාර්මික ශිල්පය, හෝටල් සහ සත්කාරක පාඨමාලාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, විදුලි කාර්මික පාඨමාලා මෙලෙස ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

තෝරාගත් රූපවාහිනී නාලිකා හා යූ ටියුබ් නාලිකා ඔස්සේ විකාශය කරන මෙම පාඨමාලා සඳහා 07 ශ්‍රේණියේ සිට ඉහළ සිසුන්ට මේ සම්බන්ධ විය හැකි බවද සීතා අරඹේපොල මහත්මිය කීවාය.

මෙම පාඨමාලා ඔස්සේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීම සිදුකරන අතර පාඨමාලා අවසානයේ මාර්ගගත ක්‍රමයට විභාග (online exam) පැවැත්වීම සිදුවේ.

එය සමත් වූ පසු වෘත්තීය පුහුණු ආයතනයක් සමඟ එක්ව ප්‍රායෝගික පුහුණුව ලබා එන්.වී.ක්‍යු (N.V.Q) සාධන මට්ටම දක්වා ඉදිරියට යාමට පාඨමාලා හදාරන්නන්ට අවස්ථාව ලැබෙන බව ඇය සඳහන් කළාය.

පාඨමාලා හදාරන සිසුන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් ද පෞද්ගලික ආයතන දෙකක් සමඟ එක්ව සැලසුම් කර ඇති අතර පාඨමාලාවලට සම්බන්ධවීම පිළිබඳ හා ඒ පිළිබඳ අනෙකුත් තොරතුරු එම රූපවාහිනී සහ යූටියුබ් නාලිකා ඔස්සේ ප්‍රචාරය කරන බව සීතා අරඹේපොල මහත්මිය කීවාය

එසේම වයස අවුරුදු 18 සම්පූර්ණ නොකළ සිසුන්ට මාර්ගගත විභාගවලට පෙනී සිටීමෙන් පසු සහතිකපතක් ලබාදී එම වයස සම්පූර්ණ කළ පසු වෘත්තීය පුහුණු ආයතනයක් හා එක්වීව ප්‍රායෝගික පුහුණුව ලබා රැකියා අවස්ථා උදාකරගත හැකි බව ඇය පැවසුවාය.

මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පසුගිය 18 වැනිදා විකාශයවූ බවත් ඉදිරියේදී සෑම සෙනසුරාදා දිනකම විකාශය කරන බවත් ඇය සඳහන් කළාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා