නවතම පුවත්

අසිරිමත් පොසොන් පෝ දිනය අදයි

අසංක

අසංක

සිරිලක තුළ බුදුදහම ආගමක්‌ ලෙස ස්‌ථාපිත වීම සඳහා මහින්දාගමනය ඇතුළු බොහෝ විශේෂතත්වයන් සිදුවූ අසිරිමත් පොසොන් පොහොය දිනය අදට යෙදී තිබේ.

වෙනදා මෙන් මිහින්තලය මෙන්ම රටේ සෙසු බෞද්ධ විහාරස්ථාන අද ජනතයාගෙන් පිරී නොපවතින අතර ඒ වෙත නොයන ලෙසට ද වසංගත තතත්වය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් මෙන්ම නායක ස්වාමීන් වහන්සේලා ද ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

කෙසේවෙතත් නිවසේ සිට සැමරිය හැකි බෞද්ධ දර්ශනයේ හරය නිරනරත්යෙන් සිත් තුළ තබාගෙන ඒ මඟ අනුගමනය කිරීම මෙවන් අසීරු කාලයක් තුළ වඩාත් උචිත වේ.

අද දිනයේ යෙදී ඇති පොසොන් පුර පසලොස්වක පොහෝ දින සැමරීමට හේතු වන කාරණා බොහොමයක් පවතී.

★අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන අරහතුන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පණිවුඩය මූර්තිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.
★ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.
★බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.
★දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම.
★සුමණ සාමනේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට වැඩි දෙවියන්හට සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම.

සිරිලක තුළ බුදුදහම ආගමක්‌ ලෙස ස්‌ථාපිත වූයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. මහින්දාගමනයට පෙර පැවතියේ විවිධ ඇදහීම් සහ විශ්වාස පමණි. ගස්‌ ගල් පර්වත වන්දනාමාන කිරීම, මළවුන් ඇදහීම වැනි ක්‍රියාවන්ට හුරුව සිටි ජනයා ඒවාට නැඹුරු වූයේ අනවබෝධයෙනි. අර්ථශූන්‍ය ඇදහිලි සහ විශ්වාස අර්ථවත් බෞද්ධාගමික වත්පිළිවෙත් බවට පරිවර්තනය කිරීමට බුදුදහම සමත්විය. මිථ්‍යාදෘෂ්ටික ඇදහිලි සහ විශ්වාස වෙනුවට බුදුන්, දහම්, සඟුන් යන ත්‍රිවිධ රත්නය සරණගිය බෞද්ධයන් බිහිවූවේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි.

පර්වතවලට වන්දනා කළ වැසියෝ සර්වඥ ධාතු තැන්පත් කළ දාගැබ් වන්දනාවට හුරු වූහ. වෘක්‌ෂ වන්දනාවට නැඹුරු වූ ඔවුහු බුදුරජාණන් වහන්සේට බුදුවීමට පිටදුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේට වන්දනා කළහ. මළවුන් ඇදහීම වෙනුවට මියගිය ඥාතීන්ට පිං අනුමෝදන් කළහ. බෝධි වන්දනය ආශ්‍රිතව බෝධිපූජා පින්කම් ද, බුද්ධ ප්‍රතිමා වන්දනය ආශ්‍රිතව බුද්ධ පූජා පින්කම් ද ආරම්භ විය. මහින්දාගමනයෙන් උරුම වු බුදුදහම ශ්‍රී ලංකාව තුළ ප්‍රතිෂ්ඨාපනය වීමෙන් ලක්‌වැසියෝ ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ වූහ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි