නවතම පුවත්

සංචාරක කර්මාන්තය නගා සිටුවීමට සංවර්ධන සැලැස්මක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් නිසා බිදවැටුණු සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට දිස්ත්‍රක් මට්ටමින් සංචාරක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට බව සංචාරක අමාත්‍යාංශය කටයුතු යොදා ඇත .

මෙරටට පැමිණෙන වාර්ෂික සංචාරකයන් ප්‍රමාණය මිලියන 07දක්වා ඉහළ දැමීමත්, එමඟින් වාර්ෂිකව රුපියල් බිලියන 10ක් ජාතික ආර්ථිකයට එක් කිරීමත් එම සැලැස්මේ අරමුණ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය .

ඒ සදහා අදාළ යෝජනා ලබා දෙන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දිස්ත්‍රක් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ යටතේ ඒ ඒ දිස්ත්‍රික්ක වල දැනටමත් ඇති සංචාරක කලාප සංවර්ධනය කිරීමටත් නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමටත් ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසද ඇමතිවරයා මෙහිදී දැනුම් දී ඇත.

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන ලද සාකච්ඡා සහ ජනාධිපතිවරයාගේ ගම සමඟ පිළිසඳරක් වැඩසටහන් වලදී මතුවූ යෝජනා සඳහාද ප්‍රමුඛතාව හිමිවන බව සංචාරක අමාතයාංශය කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්