ආගමන විගමන පනත වෙනස් කෙරේ

Picture of අසංක

අසංක

ගෝලීය තාක්ෂණික අවශ්‍යතාවලට ගැළපෙන ලෙස ආගමන විගමන පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.


ඊට අදාළ මූලික කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බවද වාර්තාවේ.

එසේම මෙම කෙටුම්පත , මේ වනවිට නීතී කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවද දැනගන්නට ඇත .

1948 අංක 20 දරණ ආගමන විගමන පනත මීට පෙර අවස්ථා කිහිපයකදී සංශෝධනය කර තිබුණ ද එය පූර්ණ සංශෝධනයකට ලක් කෙරෙන පළමු අවස්ථාව මෙයයි.