නවතම පුවත්

බැඳුම්කර විගණනයේ පිටු 10,000ක් – විවාදයට කලින් මන්ත්‍රීවරුන්ට කියවන්න හැකිවේදැයි සැක

අසංක

අසංක

ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව පිළිබඳ වෝහාරික විගණනය පිටු 10,000ක සම්පූර්ණ වාර්තාවක් බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කරයි.

එබැවින් ලබන පෙබරවාරි 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයට පෙර මේ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීම මන්ත්‍රීවරුන්ට අසීරු වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

ඊට වාර්තා 05කට අයත් ඇමිණුම්වලින් සමන්විත ය.

බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසම් සභාවේ මෙන්ම කෝප් කමිටුවේ ද නිර්දේශය මත මෙම විගණනය කර තිබේ.

එබැවින් වෝහරික විගනණනය පිළිබඳව පළමුව කෝප් කමිටුව තුළ සාකච්ඡා කර ඒ පිළිබඳව සාරාංශ වාර්තාවක් සැකසීමට හැකියාව තිබූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහෙත් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබීම හේතුවන් කෝප් කමිටුවට රැස්වීමට නොහැකිවිය.

නමුත් ඉදිරියේදී කෝප් කමිටුව තුළ වෝහාරික විගණන වාර්තාව සාකච්ඡාවට කැඳවන බව ද සභාපතිවරයා කියාසිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්