නවතම පුවත්

‘ආගමික ලෙස බෙදුණු පාසල් ක්‍රමය සහජීවනයට බාධාවක්’ – බානගල උපතිස්ස හිමි ජාත්‍යන්තරයට කියයි

අසංක

අසංක

ආගමික වශයෙන් බෙදුන පාසල් ක්‍රමය ආගමික සහජීවනයට බාධාවක් වන බව , නවදිල්ලි නුවර පැවති පස්වන “රයිසිනා කතිකාව” ජාත්‍යන්තර සමුළුව අමතමින් බානගල උපතිස්ස හිමියෝ අවධාරණය කළහ .

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් හා රටවල් සියයකට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයින් ,දේශපාලනඥයන්, විද්වතුන්,මාධ්‍යවේදින් ,විෂයානුබද්ධ බුද්ධිමතුන් ගේ සහභාගිතත්වයෙන් පැවති මෙම ගෝලීය සමුළුවට ආරධනා ලද එකම ආගමික පූජ්‍ය පක්ෂ නියෝජිතයා මෙන්ම එකම ශ්‍රී ලාංකිකයා ද බානගල හිමියෝ වීම විශේෂත්වයක් විය.

මෙහි දි උන් වහන්සේ, ශ්‍රි ලංකාවේ පවතින ආගමික සහජීවනය පිළිබඳව මෙන්ම ඊට හේතුසාධක වී ඇති කරුණු පිළිබඳවද ගෝලීය සමුළුව දැනුවත් කළහ .

එසේම ආගමික ශාස්තෲවරුන්ගේ ඉගැන්වීම්වලට පිටින් යමින් ගොඩනැගී ඇති විවිධ නිකාය,කල්ලි, කණ්ඩායම් හරහා සිදුවන විනාශය ගැනද උන්වහන්සේ මෙහිදී පෙන්වාදුන්හ .

රජෙක් රට පාලනය කළ යුත්තේ කෙසේද යන්න ධර්මාශෝක රජතුමාගේ දසරාජ ධර්මයෙන් පෙන්වා දී ඇති බවද උන් වහන්සේ මෙහිදී රැස්ව සිටි රාජ්‍ය නායකයින්ට පෙන්වාදුන්හ .

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය, Observer Research Foundation ආයතනය එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබිණ .

මෙහි දි අගමැති මෝදි සමාරම්භක උත්සවයෙන් පසු පුද්ගලිකවම පැමිණ බානගල හිමියන් හා පිළිසදරක නිරතවීම විශේෂ සිද්ධියක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්