නවතම පුවත්

ඉතාලියෙන් හමු වූ ලාංකික කතට කොරෝනා බෝ වී නෑ – ඉතාලි සෞඛ්‍ය බලධාරීන්

අසංක

අසංක

ඉතාලියෙන් හමු වූ කොරෝනා උණ වෛරසය ආසාදිත බවට සැක කළ ශ්‍රී ලාංකික කාන්තාවට වැළඳී ඇත්තේ සාමාන්‍ය උණක් බව තහවුරු වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැකපිට 63 හැවිරිදි ශ්‍රී ලංකාවේ කාන්තාවක් නේපල්ස් හි කොටුග්නෝ රෝහලට ඇතුළත් කර තිබුණි.

ඒ අනුව බෝවන රෝග පිළිබඳ විශේෂයෙන්ම සැකසූ නියෝටලියානු කැප්සියුලයක් තුළ ආරක්‍ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කර තිබිණි.

මෙම කාන්තාව අධික උණ සහ ශ්වසන ආබාධ සහිතව රෝහලට පැමිණ ඇත.

ඇය සතියකට පෙර ලංකාවෙන් ඉතාලියට ගොස් ඇත.

කොරොන වයිරසයේ සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේ හේතුවෙන් ඇය විශේෂ ඒකකය වෙත ඇතුළත් කර තිබුණි.

දින තුනක අධික උණ නරක අතට හැරුණු ඇය පරීක්‍ෂණයක් සඳහා රෝහලට යාමට තීරණය කළාය.

හැට තුන් හැවිරිදි ඇය වහාම පරික්ෂා කිරීමට ගිය වෛද්‍යවරු කොරොන වයිරස් ආසාදනයකට ගොදුරු වීමට ඉඩ සලසන රෝග ලක්ෂණ සොයා ගැනීමෙන් පසු ඇයව හුදකලා කොට ආසාදන සඳහා පවතින ආරක්ෂක ක්‍රමවේද වහා ක්‍රියාත්මක කර තිබුණි.

දීර්ඝ පරීක්ෂාවකින් අනතුරුව වෛද්‍යවරුන් සහතික කර ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

අද දිනය තුළ තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඉතාලියෙන් සිද්ධි තුනක් වාර්තා වී ඇතත් ඒවා මේ වන විට අසත්‍ය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා තහවුරු කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්