නවතම පුවත්

ආණ්ඩුවේ පක්ෂ 10ක් – මහනායක හිමිවරු රට වහන්නැයි ජනපතිගෙන් ඉල්ලති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

අවම වශයෙන් සති 03 කට රට අගුළු දමන(Lockdown) ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත . ජනාධිපතිවරයා  වෙත ලිපියක් යවන එම පක්ෂ 10 පෙන්වා දෙන්නේ, අවම වශයෙන් සති තුනක රට අගුළු දැමීමෙන් තොරව කොරෝනා රෝගීන් ගණන රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටමට පහත හෙලීමට නොහැකි වන බව තමන්ගේ විශ්වාසය බවය.

අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමග ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා , ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා, ජාතික නිදහස් පෙරමුණේ අමාත්‍ය විමල් වීරවංශ මහතා , පිවිතුරු හෙළ උරුමයේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා , ජාතික කොන්ග්‍රසයේ ඒ එල් එම් අතාවුල්ලා මහතා , එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස් මහතා , ශ්‍රී ලංකා කොමියුනිස්ට පක්ෂයේ වෛද්‍ය ජී වීරසිංහ මහතා , ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න මහතා සහ යුතුකම ජාතික සංවිධානයේ ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන් මේ ලිපියට අත්සන් කර තිබේ.

ආණ්ඩුවේ මෙම හවුල්කාර පක්ෂ 10 පෙන්වා දෙන්නේ , අවම වශයෙන් සති 3ක් රට අගුළු දැමීමෙන් දැනට ඉහළ යන ආසාදිත චක්‍රය බිද දැමීමට හැකිවන බවය. වර්තමානයේ රට විවෘතව තිබුණත්, නිරෝධායනය වෙන සහ රෝගයට බියෙන් තැති ගත් අධික පිරිස හමුවේ රට අකර්මන්‍ය වී ඇතැයි ඔවුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබේ.

රෝගය පාලනය කළ විට ඔවුන් විශ්වාසයෙන් නැවත ආර්ථික ක්‍රියාවලිය සමග මුසුවනු ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පාර්ශව 10 ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් ය. එමෙන්ම ඔවුන් ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ , මෙය ජාතික ආපදාවක් බැවින් ඊට මුහුණ දීම සඳහා සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් සැකසිය යුතු බවය. ඊට උපදෙස් දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගේම ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් සකස් කළ යුතු බවට ද ඔවුන් යෝජනා කර තිබේ .

මේ අතර පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට සතියක කාලයක් වසා දැමීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපි යොමු කරමින් ඉල්ලා ඇත

වත්මන් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රටේ සමස්ත ජනතාවම මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බැවින් ජන ජිවිතය සුරක්ෂිත කිරිම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක පමණ කාලයකට හෝ රට වසා දමා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය කිරිම උදෙසා පියවර ගන්නා ලෙස එම ලිපියේ දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්