නවතම පුවත්

කොවිඩ් කමිටුව අදත් රැස්වෙයි ලොක්අප් වෙන්න ජනතාව බඩු රැස්කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රට තුළ උත්සන්න වී ඇති කොවිඩ් තත්ත්වය හමුවේ රට වසාදමන ලෙස දේශපාලන, ආගමික, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන ආදී බොහෝ පාර්ශ්වයන් විසින් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරන පසුබිමක ඉදිරිය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (20) රැස්වීමට නියමිතව තිබේ.

අද කමිටු රැස්වීමේදී ඇතැමි විට මෙම සති අන්තයේ සීමා තවදුරටත් දැඩි කිරීමක් හෝ ඉදිරි කාලය පිළිබද තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.

නාගරික සහ තදාසන්න ප්‍රදේශවල ඊයේ වනවිට ජනතාව අසීමිත ලෙස භාණ්ඩ රැස්කරගනු දක්නට හැකිවිය. අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිසල්වල රාක්ක හිස්ව තිබෙනු සුලභ දසුනක් විය.

රට පුරා නගර 65කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ස්වයං-හුදෛකලා ක්‍රියාමාර්ගයකට එළැඹ තිබෙන අතර ලබන 31 වැනිදා පමණ වනතෙක් ඇතැම් නගර වසා තැබීමට වෙළෙඳ සංගම් තීරණය කර ඇත.

බොහෝ රාජ්‍ය ආයතන හා ඇතැම් පෞද්ගලික ආයතන ද වසා දමා ඇති අතර නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට සහ අවම සේවක සංඛ්‍යාවකින් සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

ලබන 31 වැනිදා තෙක් ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමාවලින්් එක් සීමාවක් වූ කඩසාප්පු සංකීර්ණ වසා තැබිය යුතුය යන සීමාව ලිහිල් කිරීමට ඊයේ පියවර ගෙන තිබූ අඅතර ඒ අනුව  එවැනි ස්ථානයක සිටිය හැකි ධාරිතාවෙන් 25%ක් පාරිභෝගිකයන් වෙත සේවා සැපයීමට අවස්ථාව සලසා දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්