නවතම පුවත්

ආණ්ඩුවේ පක්‍ෂ 11ක් ශ්‍රීලනිප මූලස්ථානයේ සාකච්ජාවක !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක්  ඊයේ රාත්‍රියේ  පැවැත්විණ

පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ  ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකයින් අතර එම සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී ඊයේ රාත්‍රී පැවති බව වාර්තා වේ.

කෙසේවෙතත් එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු සාමාජිකයෙකු සහභාගි වී නොමැති වීම විශේෂත්වයකි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක නිරත වු බවය.

මෙය වෙනදා මෙන්ම ආණ්ඩුවේ සුළු පක්ෂ 11ක් එක්ව පැවැත්වූ සාමාන්‍ය සාකච්ඡාවක් පමණක් බවත් ඒ මහතා පැවසීය

. කෙසේවෙතත්  ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සුළු පක්ෂ කළ ඉල්ලීමක් අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලනිපය මීට සහභාගී වූ බවකි.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි