නවතම පුවත්

ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙන්න සූදානම්

Roshan

Roshan

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඊයේ  (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා ය. ඒ අනුව ලබන 29 වැනිදා වනවිට අමෙරිකාවට ගොස් තමන් එම ධුරයේ කටයුතු අරඹන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

මහින්ද සමරසිංහ මහතා මෙසේ ද පැවසීය. “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇමරිකාවේ තානාපති ධූරය භාරගන්න කියලා කිව්වා. ඒ අනුව ලබන 29 වැනිදා වෙනකොට අමෙරිකාව බලා පිටත්වෙන්න තීරණය කරලා තියෙනවා. අමෙරිකාව එක්ක විශේෂයෙන් අපේ සම්බන්ධතාව තබා ගන්න එක වැදගත්. ආර්ථික හා දේශපාලන වශයෙන් හොඳ සම්බන්ධතාවෙන් ඇති කර ගත යුතු බව ජනාධිපතිතුමා මට දැනුම් දුන්නා. මේ දක්වා මාව පාර්ලිමේන්තුවට තෝරපු කළුතර දිස්ත්‍රික්කයෙ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 27ක් එක දිගට මම පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. ආණ්ඩුවේ වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විධියට කටයුතු කරලා තියෙනවා. මම ඉදිරියටත් දේශපාලනයේ නිරත වෙනවා. ජනාධිපතිතුමාගේ ඉල්ලීමට මම යන්නෙ. එහෙ ගිහිං ඇවිත් අනාගතයේ නැවත කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට මම නායකත්වය දෙනවා” යැයි මහින්ද සමරසිංහ මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්