නවතම පුවත්

ආදායම් බඳු ගෙව්වොත් දරුවන් ජාතික පාසල්වල්ට ඇතුලත් කිරිමේ අවස්ථාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයන් දිරි ගැන්වීම පිණිස ඔවුන්ගේ දරුවන් ජාතික පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කරයි.

රටේ ජාතික ආදායම වර්ධනය කිරීම සඳහා රජයට නොමසුරුව ආදායම් බදු ගෙවන්නන්ගෙන් ලැබෙන දායකත්වය ඇගයීම හා දිරි ගැන්වීම, මෙවැනි අවස්ථාවක් ලබාදීමේ ප්‍රධාන අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම දරුවන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නිර්නායක සකස් කිරීමේ දී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගන්නා බව ද අමාත්‍යවරයා කියයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) මේ වැඩපිළිවෙල සම්බන්ධ මූලික සාකච්ඡාවක් පැවැත්විණි. 

ඒ සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා ප්‍රමුඛ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්