ආනයනික ආහාර රැසක බදු ඉහළට

Picture of අසංක

අසංක

 

ආනයනික ආහාර ද්‍රවය රැසක බදු ඉහල නැංවීමට රජය පියවර ගෙන ඇත .

ඒ අනුව අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම බදු ඉහල නැංවීම සිදුකර ඇත.

අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, යෝගට් කිලෝග්‍රෑමයක් රු 800ක් ලෙස බදු පනවා ඇත.

මයිසුර් පරිප්පු කිලෝවක් සඳහා රු. 5-10ත් අතර, සැමන් කිලෝවක් සඳහා රු.100ක්, ඇපල් කිලෝවක් සඳහා රු. 100, මිදී කිලෝවක් සඳහා රු.125ක්, රට ඉඳි කිලෝවක් සඳහා රු.100ක් මිරිස් කුඩු කිලෝවක් සඳහා රු.100ක් ලෙස මෙම බදු පනවා ඇත.

රජය බදු පනවා ඇති භාණ්ඩවල සම්පූර්ණ විස්තරය පහත දැක්වේ.