නවතම පුවත්

මැතිවරණ ක්‍රියාවලිය ඇරඹිය හැකියි – සෞඛ්‍ය අංශ දැනුම් දෙයි

අසංක

අසංක

 

රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇති බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණ දක්වමින් සඳහන් කර සිටී .

ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරයා මේ බව සඳහන් කර ඇත.

ජාසිංහ මහතා මෙසේ සඳහන් කර තිබියදී මැතිවරණ කොමිසම එම මැතිවරණ ක්‍රියා පටිපාටිය ආරම්භ කිරිම ප්‍රමාද කර සිටින්නේ ඇයිද යන්න ගැටළු සහගත කරුණක් යැයිද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්